ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ සිව්වැනි සාමාලෝචනය අදින් අවසන්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ සිව්වැනි සාමාලෝචනය අදින් අවසන් වේ.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයත්න ප්‍රනාන්දු මහතා සඳහන් කළේ , ඊට අදාළ සාකච්ඡා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා ශ්‍රී ලංකා නියෝජිතයින් අතර පසුගියදා ආරම්භ වූ බවයි.

වොෂින්ටන් නුවරදී සාකච්ඡා පැවැත්වේ.

ඊට මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම,මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහබැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටී.

ආචාර්ය අනිල් ජයත්න ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සිව්වැනි සාමාලෝචනය අවසන් වීමත් සමග පස්වැනි ණය වාරිකය බෙදා හැරීම සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

Leave A Comment