
ඉරාන වරායේ පිපිරීමෙන් මිය ගිය පිරිස තවත් ඉහළට
- CNL Reporter
- April 27, 2025
- පුවත්
- ඉරාන වරාය
- 0 Comments
ඉරානයේ බන්ඩාර් අබ්බාස් හී පිහිටි ෂාහීන් රාජී වරායේ සිදුවූ පිපිරීමේ මේ දක්වා පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම සිද්ධියෙන් පුද්ගලයින් 750 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමටත් පියවර ගෙන ඇත.
වරායේ පිපිරීම කිලෝමීටර් 50ක් දක්වා දුරකට දැනී ඇති අතර පිපිරීම ඇති වීමට ප්‍රථම ගින්න ත්රීව්ර ලෙස වර්ධනය වී පසුව පිපුරුමක් දක්වා එය පැමිණ තිබේ.
ෂාහිඩ් රාජි වරාය ඉරානයේ විශාලතම සහ වඩාත්ම දියුණු පර්යන්ත වන අතර රටේ වානිජ නැව් ගමනාගමනයෙන් වැඩි ප්‍රමාණයක් මෙම වරාය හරහා සිදුව තිබේ.