වහල මත සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 1,700ට ළඟාවෙයි

දිවයින පුරා ස්ථාපිත වහල මත සූර්ය බලශක්ති ධාරිතාව මැයි 1වනදා වනවිට මෙගාවොට් 1,700 සීමාවට ළඟා වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටියේ, වහලමත ස්ථාපිත සූර්ය බලශක්තිය මෙරට ප්‍රධාන පුනර්ජනනීය බලශක්ති සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇති බවය.

මෙරට ජනතාව, ව්‍යාපාර සහ ආයතනවල හරිත මෙන්ම වඩාත් තිරසාර බලශක්ති අනාගතයක් සඳහා ඇති කැපවීම මෙම ප්‍රගතියෙන් පිළිබිඹු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව වත්මන් කාලීන අවශ්‍යතාවට අනුගතවෙමින් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමුකිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය, සියලුම සූර්ය බලශක්ති නිෂ්පාදකයින්ට සිය කෘතඥතාව පළකරයි.

Leave A Comment