
ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලට ගිය “ගැහැනු ළමයි”
- CNL Reporter
- May 20, 2025
- විශේෂාංග
- ගැහැනු ළමයි
- 0 Comments
ශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි’ (1978) චිත්‍රපටයේ නව ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදන පිටපත මෙවර ප්‍රංශයේ කෑන්ස් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කෙරිණි.
1978 දී තිරගත වූ මෙම සිනමා නිර්මාණයේ ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදය, මැයි 17 වන දින 2025 කෑන්ස් උළෙලේදී මෙසේ ප්‍රදර්ශනය කරනු ලැබීය.
මේ අවස්ථාවට එහි ප්‍රධාන නළු නිළියන් වන වසන්ති චතුරානි, අජිත් ජිනදාස සහ ශ්‍යාමා ආනන්දගේ , ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල් වැව මහතා ප්‍රධාන පිරිසක් සහභාගී වී සිටියහ
චිත්‍රපට උරුම පදනම විසින් ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම සමඟ එක්ව ගැහැණු ළමයි චිත්‍රපටය ‘එල්’ඉමැජින් රිට්‍රෝවාටා’ රසායනාගාරයේදී 4K ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කරන ලදී.
මෙම ප්‍රතිසංස්කරණය සඳහා අරමුදල් සපයන ලද්දේ ප්‍රංශ-ඉන්දියා-ශ්‍රී ලංකා සිනමා උරුමය (FISCH) වැඩසටහන යටතේ ප්‍රදානයක් හරහා වන අතර, ශ්‍රී ලංකාව, මාලදිවයින සහ ඉන්දියාවේ ප්‍රංශ තානාපති කාර්යාලවල සහාය ඇතිව මෙය සිදුකර ඇත.