
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මැයි මසට අදාළ දීමනාව හෙට (22) සිට
- CNL Reporter
- May 21, 2025
- දේශපාලන
- 0 Comments
අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මැයි මසට අදාළ දීමනාව හෙට (22) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරයි.
මෙලෙස අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් 1,423,895 (දාහතර ලක්ෂ විසිතුන් දහස් අටසිය අනූපහක්) සඳහා රුපියල් මිලියන 11274 (11,274,314,000.00) ක මුදලක් අස්වැසුම ප්‍රතිලාභින්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
ඒ අනුව අදාල ප්‍රතිලාභීන්ට තමාට හිමි ප්‍රතිලාභී දීමනා හෙට (22) දින සිට තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකිය.
(සටහන | ජේ. මුණසිංහ)