ත්‍රිපෝෂ ආයතනය වහන කතාව බොරුවක්

“බඩඉරිගු නෑ : ත්‍රිපෝෂ ආයතනය වැහෙයි?” යන සිරස්තලය යටතේ ඉරිදා පුවත්පතක පළ වු සාවද්‍ය ප්‍රවෘත්තියක් මුලික කර ගනිමින් සමාජ මාධ්‍ය මඟින් සාවද්‍ය සහ අපහාසාත්මක තොරතුරු ඇතුළත් ප්‍රවෘත්ති පළ කරමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයත්, සෞඛ්‍ය අමාත්‍යංශයත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාත් එමෙන්ම වර්තමාන රජය සහ විශේෂයෙන්ම ත්‍රිපෝෂ සමාගමේ පාලන අධිකාරියත් දැඩි ලෙස අපහසුතාවයට හා අපකීර්තියට පත්වන ආකාරයේ ප්‍රවෘත්ති හා වාර්තා ප්‍රචාරය වෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇතැයි, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනයේ සභාපති අමල් අත්තනායක මහතා නිවේදනයක් නිකුත්‍ කරමින් සඳන් කර සිටී.

එම නිවේදනයේ සඳහන් ආකාරයට 2025.06.29 වැනි දින ඉරිදා පුවත්පතක පළ වු අදාළ මුල් ප්‍රවෘත්තියේ “බඩඉරිගු නෑ : ත්‍රිපෝෂ ආයතනය වැහෙයි?” යනුවෙන් සාවද්‍ය  සිරස්තලයක් යොදා  ඇති අතර එම ප්‍රවෘත්තියේ පළමු ජේදයේ “බඩඉරිගු හිගයෙන් ජාඇල කපුවත්තේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ අර්ධ රාජ්‍ය ආයතනයක් වන ත්‍රිපෝෂ ආයතනයේ නිෂ්පාදන කටයුතු මේ වන විට සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බව එහි සේවකයෝ පෙන්වා දෙති” යනුවෙන් සම්පුර්ණයෙන් අසත්‍ය තොරතුරු ඇතුළත් සාවද්‍ය සිරස්තලයක් සහිත පුවතක් පළ වී ඇති බව අවධාරණය කර ඇත.

එම නිවේදනයේ සභාපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වන ආකාරයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන පුර්.ණ රාජ්‍ය සමාගමක් වන අතර, දරුවන්ගේ හා ගර්.භණී මව්වරුන්ගේ පෝෂණමය අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් තවදුරටත් සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වේ. මේ වන විට සමාගමේ නිෂ්පාදන කටයුතු නවතා දැමීමක් සිදුකර නොමැති අතර යන්ත්‍රසුත්‍ර පැය 24 පුරාම පුර්.ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වේ.

එම ආයතනයෙහි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු බඩඉරිගු සපයාගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ඍජුව සහ විනිවිදභාවයෙන් යුතුව ලබාගෙන සැපයුම්දාමය යථාවත් කරගැනීමට ක්‍රියාකර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එමෙන් ම ත්‍රිපෝෂ සමාගමෙහි යන්ත්‍රසුත්‍ර පුර්.ණ ධාරිතාවයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක වන අතර ත්‍රිපෝෂ නිෂ්පාදනය සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිවිතරයන් අනුව අදාළ  ප්‍රතිලාභීන් වෙත දිවයිනපුරා බෙදාහැරීම සදහා සියළුම කටයුතු ද බාධාවකින් තොරව සිදුවෙමින් පවතින බව ද අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.  තවද යන්ත්‍රසුත්‍ර උපරිමයෙන් ක්‍රියාත්මකවීම මත අතිරික්ත නිෂ්පාදනය වෙළදපොල උදෙසා සුපෝෂ නිෂ්පාදනය ලෙස දිවයිනම ආවරණය වන ලෙස බෙදාහැරීම සදහා ද කටයුතු කර ඇති බවත් එතැනින් නොනැවතී සුපෝෂ මුලික අමුද්‍රව්‍ය ලෙස  ලෙස භාවිතා කරමින් නිපදවන සුපෝෂ කැලරි බාර් නිෂ්පාදනය ද දීපව්‍යාප්තව බෙදාහැරීම සදහා අවශ්‍ය මුලික කටයුතු සිදුකිරීම මෙන්ම සුපෝෂ නිෂ්පාදනය අමුද්‍රව්‍යක් ලෙස යොදා විවිධ රසයන්ගෙන් යුත් කප් කේක් නිපදවීමටද ක්‍රියාකර ඇති බව ද දක්වා ඇත.  එමෙන් ම එහි මුලික අදියර ලෙස ජා-ඇළ කපුවත්ත සුපෝෂ අලෙවිසැලෙහි එම නිෂ්පාදන අලෙවි කිරීමට දැනටමත් කටයුතු කර ඇති අතර ඉදිරියේදී රට පුරා සුපෝෂ අලෙවිසැල් 100 ආරම්භ කර එමගින් මෙම නිෂ්පාදන ඉතා පුළුල් ලෙස ජනගත කිරීමට ද මුලික කටයුතු ද සිදුවෙමින් පවතින බව ද සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave A Comment