
Voyage Sri Lanka 2025 සමුළුවේ නිල වෙබ් අඩවිය එළිදැක්වේ
- Sujeewa Senerath
- August 15, 2025
- ආයෝජන, ව්‍යාපාරික පුවත්
- 0 Comments
Voyage Sri Lanka 2025 සමුළුවේ නිල වෙබ් අඩවිය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා විසින් පසුගිය (13) දින අපනයන සංවර්ධන මණ්ඩලයේ දී එලිදක්වන ලදී. www.voyagesrilanka.lk යන අන්තර්ජාල ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි අතර Voyage Sri Lanka 2025 සමුළුව පිළිබඳ සියළුම විස්තරයන් දැන ගැනීමේ අවස්ථාව උදා කර දී ඇත. මෙම අවස්ථාව සඳහා ක්ෂේත්රයේ ප්‍රධාන පාර්ශවකරුවන් සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අතිරේක අධ්යක්ෂ ජනරාල් (සංවර්ධන) කුමුදුනී මුදලිගේ මහත්මිය ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
“ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයේ විභවයන් නිරාවරණය කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) විසින් සංවිධානය කරනු ලබන Voyage Sri Lanka 2025 දෙවන සමුළුව 2025 ඔක්තෝබර් 16 වන දින කොළඹ The Kingsbury Hotel හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
2024 වර්ෂයේ දී මෙහි මංගල සමළුව සාර්ථකව පැවති අතර රටවල් 8කින් සහභාගිවන්නන් 240ක් සහ ගෝලීය කථිකයන් 24 දෙනකු සහභාගි වූහ. මෙම වසරේ සමුළුව ජාතික ඉලක්ක රැසක් සමගින් සහභාගිවන්නන් 300 කට වැඩි පිරිසක් සමගින් රටවල් 12 ක් සහභාගී වීමට නියමිතයි.
මෙම සමුළුව නීල ආර්ථිකය (Blue Economy) පිළිබඳව අවධානය යොමු කරන අතර ශ්‍රී ලංකාවේ සමුද්‍ර සහ අක්වෙරළ සේවා මෙන්ම බෝට්ටු සහ නැව් තැනීමේ අංශවල ශක්තීන්, විභවයන් සහ අති නවීන තාක්ෂණය ද ප්‍රදර්ශනය කරනු ඇත.
සමුද්‍ර සහ අක්වෙරළ සේවා, බෝට්ටු සහ නැව් තැනීමේ අංශවල රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සඳහා නීල හරිත ආර්ථිකයේ අනාගතය ගැන සාකච්ඡා කිරීමට මෙමගින් අවස්ථාව උදාවෙනු ඇත.මේ සඳහා කර්මාන්ත නායකයින්, ආයෝජකයින්, විශේෂඥයින් සහ විවිධ පාර්ශවකරුවන් සහභාගී වනු ඇත. මෙම සමුළුව තිරසාර භාවිතයන්, නැගී එන තාක්ෂණයන් සහ ගෝලීය සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ භූමිකාව වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.
ඉන්දියානු සාගරය මැද ස්ථානගතව සිටින ශ්‍රී ලංකාව නවීන නීල ආර්ථිකයේ අද්විතීය වාසියක් උරුම කරගෙන ඇති අතර Voyage Sri Lanka 2025 සමුළුව මෙරට සාගර විභවතාවයන් ජාත්‍යන්තර වේදිකාවක ප්‍රදර්ශනය කිරීමට සමුද්‍ර සේවා (Marine Services) යටිතල පහසුකම් හා නාවුක සංචාරක ව්‍යාපාර (Infrastructure and Nautical Tourism) සඳහා උපායමාර්ගික ආයෝජන ආකර්ෂණය කිරීමට සහ ඉන්දියානු සාගර කලාපය පුරා තිරසාර ආර්ථික වර්ධනයට හවුල්කාරිත්වයන් ගොඩනැගීමට ඉඩ සලසයි.
සමුළුවේ විශේෂ අංග ලෙස ශ්‍රී ලංකාවේ සාගර ආර්ථිකය සඳහා වැදගත් අවස්ථා සොයාබැලීමේ සාකච්ඡා වට තුනක් සංවිධානය කර ඇති අතර “ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකයට උපායමාර්ගික දොරටුවක් ලෙස ත්‍රිකුණාමලය වරායෙහි ඇති විභවතා සහ අවස්ථා” “ශ්‍රී ලංකාවේ නීල ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා අක්වෙරළ තෙල් , LNG සහ ගෑස් ගවේෂණයට අදාල යටිතල පහසුකම් සංවර්ධනය”සහ “ශ්‍රී ලංකාවේ බෝට්ටු නිශ්පාදන සහ නාවික සංචාරක කර්මාන්තය නීල ආර්ථිකයට සමගාමීව දියුණු කළ හැකි ආකාරය” යන මාතෘකා යටතේ පැවැත්වේ.
මෙම සාකච්ඡාවලට අමතරව ශ්‍රී ලංකාවේ ලෝක තරගකාරී බෝට්ටු නිශ්පාදන කර්මාන්තයේ නිපුණතාවය සහ නවෝත්පාදනය ප්‍රදර්ශනය කරන බෝට්ටු ප්‍රදර්ශන මෙන්ම B2B හමුවීම්, ආයෝජක හමුවීම් සහ ඉලක්කගත අවස්ථා හරහා කර්මාන්තයේ පාර්ශවකරුවන් සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති ජාලකරණ සැසිවාරයන් (Business Networking Sessions) ද ඇතුළත් වේ.
මෙම සමුළුව පිළිබද වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා http://www.voyagesrilanka.lk හරහා Voyage Sri Lanka 2025 නිල වෙබ් අඩවියට පිවිසෙන්න. 2025 සැප්තැම්බර් 1 වන දිනට පෙර ලියාපදිංචි වන සහභාගිවන්නන්ට 10% වට්ටමක් ලැබෙන අතර ගෝලීය නීල ආර්ථික ක්ෂේත්රයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වන ව්‍යාපාර සඳහා අනුග්‍රාහකත්ව සහ ප්‍රදර්ශන පැකේජ ද ලබා ගත හැකිය.
මේ සදහා ලංකා මරයින් සර්විස් ලිමිටඩ් (The official bunkering partner) සෙලාන් බැංකුව (The official banking partner ) ලංකා IOC ලිමිටඩ් (Silver Sponsor) විසින් අන්‍රග්‍රාහකත්වය සපයයි.