මේ වන විට සංචාරකයින්ගේ පැමිණිම ලක්ෂ 15 ඉක්මවයි

ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 15ක් පැමිණි බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2025. 08. 18 දින පස්වරුවේ  X සටහනක් තබමින් සිටී. මෙම කඩඉම පසු කිරීමට දායක වූ සංචාරක ක්ෂේත්‍රෙය් සියලුම පාර්ෂවයන්ට මෙන් ම සංචාරකයන්ට ස්තූතිය ද මෙම X සටහනෙහි සඳහන් කර තිබෙනවා.

මීට අමතරව අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් සංචාරකයන් 150000 ඉක්මවා මෙරටට පැමිණ තිබෙන අතර අගෝස්තු මාසයේ පැමිණි සංචාරකයින් අතර පිළිවෙලින් ඉන්දී, බ්‍රිතාන්‍යය, රැසියානු, ජර්මන් සහ චීන ජාතිකයින් ඉදිරියෙන් සිටින බව එහි වැඩිදුරටත් සඳහන්.

Tourists Arrivals – 18th Aug[1]

Leave A Comment