කෝටි පහක කුෂ් සමඟ විදේශිකයෙක් කටුනායක දී කොටු වෙයි
රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දිය ජාතික ගුවන් මගියෙකු අද (05) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
Continue Reading
එක්ස්ප්‍රස් පර්ල් වන්දිය අයකර ගන්න සියලු ක්‍රියාමාර්ග ගන්නවා – නිතීපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් වූ හානිය වෙනුවෙන් වන්දි අය කර ගැනීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
Continue Reading
යාල මාර්ග කිහිපයක් විවෘත කරයි
තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානයයේ සීමිත මාර්ග ප්‍රමාණයක් අද (05) සිට විවෘත කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව අද පස්වරු 2.00 සිට එම මාර්ග නැවත සංචාරකයන්ට විවෘත කෙරෙයි. පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ මාර්ග පද්ධතියට සිදුවන හානිය අවම කර ගැනීම සහ එමගින් එහි පරිසරය පද්ධතියට වන බලපෑම අවම කර ගැනීම …
Continue Reading
රටට ම ආදර්ශයක් දුන් මලියදේවයේ දිරිය පුතු
“අම්මගේ බලාපොරොත්තුව වුණේ, මලියදේව මගේ විද්‍යාලයේ උස පැනීමේ මෙතෙක් තිබූ වාර්තා බිඳ දමමින් ජය හිමිකර ගන්නවා දැකීමයි. මම ඒක අද කළා. ඒත් සතුටු වෙන්න අම්මා අද මගේ ළඟ නෑ.”
Continue Reading
පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවරයි
ශ්වසන අපහසුතා අවස්ථා දෙකකට මුහුණ දීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය ස්ථාවර වෙමින් ඇති බව වතිකානුව පවසයි.
Continue Reading
මහජන දිනය පළමුවරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මහජන දිනය පළමුවරට (04) දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. මේ සදහා විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන්ට සෘජුව ගැටලු විසඳා ගැනීමට අවස්ථාවක් උදාකර දීම සිදුවිය. මේ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ ඇතුළු කාර්යාංශයේ විවිධ අංශවල නිලධාරීන් ද සහභාගී විය.
Continue Reading
වැරදි ආහාර භාවිතයෙන් කරන ප්‍රතිකාර සඳහා අයුර්වේදයට වියදම් කරන මුදල මෙන් හතලිස් ගණයක් වැය කරනවා – සෞඛ්‍ය අමාත්‍ය
දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට රජය වාර්ෂික ව වියදම් කරන මුදල මෙන් හතළිස් ගුණයකටත් වඩා වැඩි මුදලක් වැරදි ආහාර භාවිතය හේතුවෙන් ඇති වන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමට වියදම් කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
Continue Reading
හදිසි විදුලිය මිලදීගැනීමක් සිදුනොකරන බව බලශක්ති ඇමති කියයි
කිසිවිටක හදිසි විදුලිය මිලදීගැනීමක් සිදුනොකරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසයි.
Continue Reading
දේශබන්දු අනිද්දා බාර වෙයි? – වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකටත් වරෙන්තු
වැලිගම පැලෑණ හෝටලයක් ඉදිරිපිට සිදුවු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි නියෝග ලබා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් බොහෝ වීට අනිද්දා (06) අධීකරණය වෙත බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.
Continue Reading
මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Continue Reading