විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි විමර්ෂණයට පොලිස් ඒකකයක්

කාර්යාංශයේ පනත සංශෝධනය කිරිමට හෝ අවශ්‍යනම් නව පනතකට ද ඉදිරි පියවර විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සොයා බැලීම් සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දි ඊයේ දින (2025.09.18)  දින ආරම්භ කෙරුණි. මෙම ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කොට තිබේ.

Continue Reading

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය දෙන්න නීති හදන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව අනුව, ජනතාව කෙරෙහි පිහිටා ඇති පරමාධිපත්‍ය බලය මහජනතාව විසින් 4වන ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ඡන්දයේදී ක්‍රියාත්මක කරනු ලැබේ.

Continue Reading

2025 කොරියානු භාෂා විභාගයේ ප්‍රවේෂපත්‍ර නිකුත් කිරීම ඇරඹේ

දකුණු කොරියාවේ නිෂ්පාදන හා ධීවර ක්ෂේත්‍රවල රැකියා සඳහා 2025 වර්ෂයේ පැවැත්වීමට නියමිත කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම 2025.09.15 දින සිට 2025.09.17 දින මධ්‍යම රාත්‍රිය දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) සිදුකිරීමට නියමිතය.

Continue Reading

සමෘද්ධිලාභී තරැණ තරැණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණුව

සංචාරක කේෂ්ත්‍රයන්හි රැකියා ඉලක්ක කර ක්‍රියාත්මක සත්කාරයේ ශ්‍රමසේනා ජාතික වැඩ සටහන පසුගියදා ආරම්භ කරන ලදී. ශ්‍රී ලාංකික සත්කාර සහ හෝටල් කේෂ්ත්‍රයේ බහුවිධ කුසලතා සහිත ශ්‍රම නියමුවන් 20000ක් නිර්මාණය කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි.

Continue Reading

කොරියානූ භාෂාව ඉගෙන ගෙන ලෝකය ජයගන්න – මහාචාර්ය කිම් සුන්ග් ජින්

ඔබ කුමන රටක රැකියාවකට හෝ අධ්‍යාපනය ලැබීමට යන්නේ නම් එම රටේ භාෂාව හොඳින් ඔබ ඉගෙන ගෙන එම රටට යෑම ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කරන පළමු යතුර බව කොරියානු මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතා පවසයි. අද කොරියානු භාෂාව කියන්නේ ඔබට මුළු ලෝකෙටම ඇතුල් වෙන්න පුළුවන් භාෂා පාස්පෝට් එකක්.

Continue Reading

හරි පාරෙන් ජපන් යන්න (VIDEO)

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JAICA) හා ශ්‍රී ලංකාවෙන් ජපානයට ශ්‍රමිකයින් යැවීමේ විධිමත් ක්‍රමවේදය ශක්තිමත් කිරිමේ ව්‍යාපෘතිය එක්ව සංවිධානය කල ජපන් රැකියා පොළ වැඩසටහනක් හා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය (8/30) දින කාර්යාංශයේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

Continue Reading

දෙදිනක් පුරා ශ්‍රී ලංකා – තායි සංස්කෘතික උත්සවය ජපානයේ නරිටා හි

ශ්‍රී ලංකා සහ තායි සංස්කෘතික   උත්සවය පසුගි 16 සහ 17 දෙදින  උත්කර්ෂවත් අන්දමින්  නරීටා හි දී ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය  ජනත් කුමාරසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.

Continue Reading

මේ වසරේදී දකුණු කොරියාවට 2522 ක් පිටව යයි

2025 වර්ෂයේ ගතවූ මාස 8ට ආසන්න කාලය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණ තරුණියන් 2522 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

Continue Reading

මේ වන විට සංචාරකයින්ගේ පැමිණිම ලක්ෂ 15 ඉක්මවයි

ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 15ක් පැමිණි බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා 2025. 08. 18 දින පස්වරුවේ  X සටහනක් තබමින් සිටී. මෙම කඩඉම පසු කිරීමට දායක වූ සංචාරක ක්ෂේත්‍රෙය් සියලුම පාර්ෂවයන්ට මෙන් ම සංචාරකයන්ට ස්තූතිය ද මෙම X සටහනෙහි සඳහන් කර තිබෙනවා.

Continue Reading