බොන්න වතුර ටිකක්වත් නොමැතිව, අපා දුක් විදින, නුවරඑළියේ නාගරික ජනතාව

මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශී සභා, ආදියෙන් සමන්විත ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන ඡාලය, ජනතාවගේ එදිනෙදා ජීවිතය කෙරෙහි දැඩි බලපෑමක් සිදුකරයි. කෙටියෙන් කියතොත්, මිනිසෙකුගේ උපතේ සිට මරණය දක්වාම වූ, බොහෝ කාරණා සඳහා පළාත් පාලන ආයතන තම සෟජු දායකත්වය සපයන බව නොරහසකි.

Continue Reading

අමාත්‍යවරයාගේ නියෝග මත වෛද්‍යවරුන්ගේ මාරුවිම් සාධනීය ලෙස ක්‍රියාත්මකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන ලද සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ අනුයුක්ත කිරීම් වල සිදු වී තිබෙන ගැටළුකාරි තත්ත්වය හඳුනා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එම ගැටළු මාරු මණ්ඩල හරහා සාකච්ඡා කරමින් නිවැරදි ක්‍රමවේදය තුලින් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් හට නියෝග කරන ලද බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

උතුරේ ඡායාරූප මාධ්‍යවේදී කුමනන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සලසන්න- අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය(CTID)  විසින් ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලයි කුමනන්  ‘ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට’ කැදවීම වහාම අත්හිටුවන ලෙසත්, මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සලසන ලෙසත් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

Continue Reading

Clean ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නාගානන්දය මිගමුවට

අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදී, Clean ශ්‍රී ලංකාව වැඩසටහනට සමගාමීව සහ “පිරිසිදු මනසක් – පිරිසිදු වෙරළක්” තේමාව යටතේ කැළණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය මඟින් සංවිධානය කරන ලද මුහුදු වෙරළ පවිත්‍රතා කිරීමේ වැඩසටහනක් පසුගියදා මීගමුව පෝරුතොට වෙරළ තීරයේදී පවත්වන ලදි.

Continue Reading

මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව විරෝධය දක්වමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා තිබේ. ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ්ද ඒ අතර වේ. ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිස ඝාතනය කර ඇත්තේ අල් සිෆා රෝහල අසළ කුඩාරමක රැඳී සිටියදී ඉලක්ක ගත ඩ්‍රෝන ප්‍රහාරයකිනි. ඒ අනුව පෙනී යන්නේ මෙය සැළසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බවයි.

Continue Reading

ආර්ථික පීඩාවේ අභියෝගයට මුහුණ දෙන්න රාජ්‍ය යාන්ත්‍රණයම සක්‍රීය කරන්න – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

රට හමුවේ ඇති අභියෝගයන්ට මුහුණ දීමට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම වඩා සක්‍රීය කල යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.

Continue Reading

හිටපු ජනාධිපතිවරු ප්‍රතිලාභ සහ වරප්‍රසාද සොයමින් රට ආර්ථික අගාධයට හෙළද්දී ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ විවේකී සැදෑ සමයක් සඳහා නොනිමි සටනක

බදුල්ල ප්‍රදේශයේ කුඩා පිරිමි දරුවකු විසින් ඔහුගේ සහ සොහොයුරියගේ ජීවන පැවැත්ම සහ අධ්‍යාපනය පිණිස මුදල් ඉපයීම සඳහා ඔවුන්ගේ ආතම්මා විසින් සකසා දෙනු ලැබු දෙදොල් අලෙවි කිරීමේ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාල තුල මෑතකදී සංසරණය වු උණුසුම් පුවතක් විය.

Continue Reading

වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි ස්ථාවරයක

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ යහපත් ප්‍රතිචාර, සෞඛ්‍ය අමාත්‍යංශය තුල ක්‍රියාවට නැංවීම සැලසුම් සහගත ලෙස ප්‍රමාද කරමින් කටයුතු කරන නිලධාරින්ට විරුද්ධව රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුලු අනිකුත් සියලු පාර්ශවයන් වෙත පැමිණිලි කිරීම හා අමාත්‍යංශය ස්ථාන මාරු මණ්ඩලයේ මැදිහත් විමෙන් ස්ථාන මාරු නියෝග පාරදෘශ්‍යව ක්‍රියාත්මක නොකරන්නේ නම් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි තීන්දු තීරණ ගන්නා බව අවධාරණය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

ජාත්‍යන්තර විද්‍යාඥයෙක් හමුවෙන්න වත් අනුරට, හරිනිට වෙලාවක් නැද්ද? – සරෝජ් පතිරණ (වීඩියෝ)

ලංකාවට ඩොලර් එපාද? ආණ්ඩුවට පුනර්ජනනීය බලශක්තිය අරහංද?

Continue Reading

ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා ජෝයි මොස්ටින් දිවයිනට

ජනපති, අගමැති සහ විදේශ ඇමති සමඟ ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක් පැවැත්වීම සඳහා ඕස්ට්‍රේලියානු ආණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් සිව් දින නිල සංචාරයක් සඳහා (07) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණී අතර, සමන්තා ජෝයි මොස්ටින් ඇතුළු දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් පිළිගනු ලැබීය.

Continue Reading