නුසුදුස්සන් යොමුකිරීමෙන් විදේශ රැකියා ක්ෂේත්‍රයට ගැටළු රැසක් ඇතිවුණා

පසුගිය රජයේ දේශපාලඥයින් විසින් සිය පෞද්ගලික වාසි වෙනුවෙන් සිදුකළ විදේශ රැකියා වංචාවන් හේතුවෙන් අසරණ වූ පිරිස් වෙත සහන සැලසීමටත් ඒ වෙනුවෙන් පිළිතුරු ලබාදීමටත් සිදුව ඇත්තේ වර්තමාන රජයේ නිළධාරීන්ට බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Continue Reading

තානාපතිවරුන්ට ඉලක්ක

රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි.

Continue Reading

මහින්දගේ විජේරාමයේ නිවස නඩත්තුවට මේ වන විට කෝටි 4ක් වැය කරලා – ඇමැති නලින්ද මැතිසබයේදී කියයි

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජීවත් වන කොළඹ 07 විජේරාම නිවස නඩත්තු කිරීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 430ක් (හාරසිය තිස් ලක්ෂ තිස් නව දහස් නවසිය හැට නවයක්) වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය.

Continue Reading

2025 වසරේ දී විදේශ රැකියා 340,000ක් දෙන්න සැලසුම්

2024 වසරේදී 311,000 ක් වූ විදේශ රැකියා ප්‍රමාණය 2025 වසරේදී සියයට 12න් වැඩිකරමින් ලාංකිකයින් 340,000 ක් මෙම වර්ෂය තුළදී රැකියා සඳහා විදේශ ගතකිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Continue Reading

ඇමැති වරප්‍රසාද සහ කාර්ය මණ්ඩලය අඩු කරයි – ජනාධිපති ලේකම්ගෙන් උපදෙස්

එක් එක් අමාත්‍යාංශ සඳහා උපදේශකයන් හා කාර්ය මණ්ඩලය පත් කර ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාවලිය ගැන සඳහන් කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් නිකුත් කළ ලිපියක් මඟින් සියලු අමාත්‍යාංශවල ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

Continue Reading

රජය වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක ආරක්ෂිත සංචිතයක් තියාගන්න තීන්දු කරයි

මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීමත් සමගම,ගොවීන්ගෙන් රජය මිලදී ගන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් ලෙස තබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ජේෂ්ඨ උපදේශක ආචාර්ය ශාන්ත ජයරත්න මහතා සඳහන් කළේය.

Continue Reading

ලංකාවේ දක්ෂිණාංශිකයන්ට ට්‍රම්ප්ගෙන් ටියුෂන්

දක්ෂිණාංශය යනු මේ යැයි සිතමින් විවිධ මනෝ ලෝකවල සැරිසරන සියලු ප්‍රාඥයින්ට ඇත්ත දක්ෂිණාංශයක ලක්ෂණ මොනවාද යන්න තේරුම් ගැනීම සඳහාම පිළියෙළ කළ දේශපාලන විද්‍යාව පළමු වසර දේශන මාලාවක් මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වේ. පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති මහතාණන් කෙනෙකි. එතුමන්ගේ දක්ෂිණාංශය ටිකක් පමණට වඩා වැඩි බව ඇත්තය. ඒ නිසාම සමහරු එය අතිදක්ෂිණාංශයක් ලෙස හඳුනා ගනිති. කෙසේ වෙතත් ඕනෑම …

Continue Reading

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය  ක්ෂේත්‍රවල ඉදිරි ප්‍රගමනයට ඇමරිකානු සහාය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක්  (21) දින පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ දී සිදුවිය.

Continue Reading

මිලි­යන 70ක ක්‍රිෂ් ගණුදෙනුව නාමල්ට එරෙ­හිව අල්ලස් කොමි­සමෙන් පරීක්ෂණ­යක්

කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක්ස් චතු­ර­ස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන රුපි­යල් මිලි­යන 70ක මුදල් අක්‍ර­මි­ක­තාව සම්බ­න්ධ­යෙන් හිටපු ක්‍රීඩා ඇමැති පාර්ලි­මේන්තු මන්ත්‍රී, නාමල් රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව අල්ලස් කොමි­සම විසින් වෙනම විම­ර්ශ­න­යක් පව­ත්වන බව අල්ලස් කොමි­සම කොටුව මහේ­ස්ත්‍රාත් නිලු­පුලී ලංකා­පුර මෙණ­විය හමුවේ ඊයේ (22) දැනුම් දුන්නේය.

Continue Reading