ශ්‍රී ලංකාවේ 2025 අයවැය පිළිබඳ දැක්මක් – ලයනල් බෝපගේ

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ 2025 අයවැය, උග්‍ර මූල්‍ය අර්බුදයකින් පසුව රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමටත්, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය තහවුරු කිරීමටත් අදහස් කරයි. අයවැය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.7% ක ඌණතාවයක් ඉලක්ක කරන අතර ඒ ඌණතාවය 2025 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කැමැත්ත වූ 5.2% ක ඌණතාවය ට වඩා මඳක් ඉහළ අගයකි.

Continue Reading

මෙවර අයවැය

ආණ්ඩුව තමන්ට කළ හැකි සීමාව තුළ අයවැය ඉදිරිපත් කළා – ආර්ථික විද්‍යාඥ තිළිණ පඬුවාවල  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුගත වෙමින් ද ආර්ථික විද්‍යාඥයෙකු ලෙස තමා ද අපේක්ෂා කළ පරිදි ජාතික ජන බලවේගය ආණ්ඩුව සිය මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව  ආර්ථික විද්‍යාඥ තිළිණ පඬුවාවල සඳහන් කළේය. ආණ්ඩුවට කුමනාකාරයේ දේශපාලන හා ආර්ථික න්‍යාය පත්‍ර සහ උපාය මාර්ග තිබුණ ද, දේශපාලන බැඳීම් තිබුණ …

Continue Reading

‘රටට ඩොලර් ගෙන එන සියල්ලන්ට 15%ක බදු පැනවෙන’ අපනයන සේවා බද්ද බලපාන්නේ කාට ද?

එළඹෙන අප්‍රේල් මස 01 වන දා සිට යම් විදේශීය මූලාශ්‍රයකින් ලැබෙන හෝ උපයනු ලබන ලාභ හෝ ලැබීම් විදේශීය ව්‍යවහාර මුදලින් ලැබෙන හෝ උපයනු ලබන අවස්ථාවකදී සහ බැංකුවක් හරහා ප්‍රේෂණය කරන අවස්ථාවකදී ඒ සැපයීම සහ ලාභයෙන් 15%ක බද්දක් ගෙවීමට රජය යෝජනා කර තිබේ.

Continue Reading

ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බහුතරයකගේ අදහසයි – වෙරිටේ රිසර්ච් අලුත්ම සමීක්ෂණයෙන් හෙළි වේ

අවසන් මැතිවරණයෙන් පසු ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 2025 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව සීඝ්‍රයෙන් ඉහළට ගොස් ඇති බව “වෙරිටේ රිසර්ච්” සිදුකරන ගැලප් ශෛලියේ ‘රට හිතන හැටි’ ජනමත විමසුමේ සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

Continue Reading

ගොවි ජනතාවගේ මැසිවිල්ල – වෙළෙඳ පොළේ සහල් මිල සහ කෘෂි ආර්ථිකයේ හෙට දවස

වී යනු සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව බුද්ධ බෝගයයි. එය දේශපාලනික අර්ථයෙන් ගත් විට දේශපාලනික බෝගය ලෙස ද සැලකිය හැකි අතර බත යනු මෙරට පුරවැසියන් බහුතරයකගේ ප්‍රධාන ආහාරයයි. සමාජ හා සංස්කෘතික අර්ථයෙන් ශ්‍රී ලාංකිකයින් බත් කන ජාතියක් ලෙස සැලකෙන්නේ මෙම පසුබිම නිසාය.

Continue Reading

බංගලිදේශයේ විදේශීය බලශක්ති ගනුදෙනුවලින් උගත හැකි පාඩම් | රොහාන් සමරජීව

“අදානි සමාගම බංගලාදේශයට විදුලිය සැපයීම ප්‍රතික්ෂේප කර ඇති බව ඔබට දැනගන්නට ලැබුණා ද?” මෑතක දී මිතුරෙක් මගෙන් ප්‍රශ්න කළේය. මගේ මිතුරා ජාතිකවාදියෙකු වීම නිසා, එය බර පැටවූ ප්‍රශ්නයක් බව මම දැන සිටියෙමි.

Continue Reading

මේ ආණ්ඩුවට ලැබුණේ සිවු කොනම පත්තුවෙන විලක්කුවක් – ආර්ථික විශ්ලේෂක සේන සූරියප්පෙරුම

පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කටයුතු කිරීමේදී ආණ්ඩුව විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂකයකු හා සංවර්ධන ලොතරයි මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු ද වන සේන සූරියප්පෙරුම සමඟ කළ කතාබහකි.

Continue Reading

සහල් උපරිම මිල රුපියල් 10කින් ඉහළ යයි !

මසක පමණ කාලයක් තිස්සේ පැවති වී මෝල් හිමියන්ගේ සහ රජයේ සහල් පිළිබඳ මිල ( Price war) යුද්ධයේ තවත් එක් ජවනිකාවක් ඊයේ අවසන් වී ඇත.

Continue Reading