1983 ජූලි දෙමළ විරෝධී සංහාරය: ඉබේ හට ගත් සිදුවීමක් නොව, රජය මෙහෙයවූ ප්‍රචණ්ඩත්වයක් – ලයනල් බෝපගේ
හැඳින්වීම ශ්‍රී ලංකාවේ වාර්ගික ප්‍රචණ්ඩත්වය එක රැයෙන් පිපිරී ගියේ නැත. 1983 ජූලියේ සිදු වූ ඛේදජනක සිදුවීම් හුදෙක් දෙමළ සටන්කාමීන් විසින් ශ්‍රී ලංකා සොල්දාදුවන් 13 දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව ඉබේ පැන නැගුණ ප්‍රතිචාරයක් නොවේ. ඊට වෙනස් ලෙස, ඒ සිදු වීම් නියෝජනය කලේ දශක ගණනාවක් තිස්සේ පැවති දේශපාලන මෙහෙයවීම්, පද්ධතිය හා සම්බන්ධව වෙනස්කම්වලට ලක් කිරීම සහ හිතාමතා සිදු කල ම්ලේච්ඡත්වය කූට ප්‍රාප්තියට …
Continue Reading
ශ්‍රී ලංකාව: හිමිකම්, වගවීම් සහ ජනතා බලාපොරොත්තු – ලයනල් බෝපගේ (VIDEO)
ශ්‍රී ලංකාවේ ජනතාව පසුගිය මැතිවරණවල දී, පැහැදිලිව සිය අදහස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔවුන් ජාතික ජන බල වේගය (NPP) කෙරෙහි විශ්වාසය තැබුවේ අන්ධ පක්ෂපාතිත්වය ක් නිසා නොවෙයි; ඔවුන් එසේ කලේ “ක්‍රම වෙනසක්” ලෙස ජනතාව අතර ප්‍රචලිත – වෙනසක් ඇති කිරීම සඳහා පැවති බලවත් වුවමනාව හේතුවෙන්.
Continue Reading
තොරතුරු දැන ගැනීමේ කොමිසමේ අද තත්ත්වය
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත හිටපු කතානායක කරු ජයසූරිය ඇතුළු දේශපාලන නායකයින්, සිවිල් සමාජය සහ මාධ්‍ය වෘත්තිකයින් ද ඇතුළු විවිධ පාර්ශ්ව විසින් වසර ගණනාවක් පුරා ගෙන ගිය දැඩි අරගලයක හා බලපෑම්වල ප්‍රතිඵලයකි. එකී පනතට 2016 අගෝස්තු මස 04 වැනි දින කතානායකවරයා එයට අත්සන් තැබීමත් සමග එය බලාත්මක විය.
Continue Reading
සෝභිත හාමුදුරුවෝ ආවේගයකින් කිව්ව “මහ හෙණය” පැරදිවීමට හැකිවෙයිද? – මහාචාර්ය සරත් විජේසූරිය
අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ 83 වන ඡන්ම දින සැමරුම් උත්සවයේ දී මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැත් වූ කතාව ඇසුරිනි.
Continue Reading
පළාත් පාලන මැතිවරණයෙන් හැමෝම පරාදයි, ඒත්…
දීර්ඝකාලීන වශයෙන් ගත් විට, ආණ්ඩුව දැනට කරමින් සිටින වැදගත්ම කාර්යය වශයෙන් පෙනෙන්ට තිබෙන්නේ මිථ්‍යාහරණයයි. එනම්, මෙතෙක් කල් සමාජය වැලඳගෙන සිටි විවිධ මිථ්‍යාවන් එකින් එක නිරුවත් කිරීමට විවිධාකාරයෙන් පිටුබලය සැපයීමයි. ඒ කෙතෙක්ද යත්, පුද්ගලයන් වෙනස් කිරීම වෙනුවට ක්‍රමය වෙනස් කිරීම තත්කාලීනව වැදගත් වන්නේය යන සැබෑව පවා, බොරුවක් සහ හුදු හීනයක් පමණක්ම විය හැකි බව, ඉදිරි කාලයේදී නිරාවරණය වීමට ඉඩ ඇතැයි දැන් …
Continue Reading
159 ක් මොකටද, ඇත්තටම?
යම් පක්ෂයකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 ක් සිටියොත් හැලහැප්පීම් නැතිව ආණ්ඩුවක් පවත්වාගෙන යා හැකිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක එවැනි යාන්තම් පිරිමැසෙන සීමිත පිරිසක් සමග සෑහෙන කාලයක් ආණ්ඩුවක් කරගෙන ගියාය. 1994 ඇගේ පාර්ලිමේන්තුව තුළ ඈට තිබුණේ ආසන 114 ක් පමණි. එවැනි ප්‍රමාණයක් ඕනෑම පක්ෂයකට එදිනෙදා ආණ්ඩුකරණයක් සඳහා සෑහුනත්, ‘පෙරළිකාරී’ වෙනස්කම් කිරීමට එය නොසෑහෙයි.
Continue Reading
මිල අධික ප්රජාතන්ත්රවාදය හා ජන්ද භාවිතයේ විරෝධාභාසය
(ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමනයේ ගමන්මඟ -III කොටස)
Continue Reading
දේශපාලනයද ක්‍රීඩාවකි -මුදල් එහි තීරක සාධකයද?
ශ්‍රී ලංකාවේ මැතිවරණ වියදම් නියාමනයේ ගමන්මඟ හා ශේෂ පත්‍රය – II කොටස
Continue Reading
ජේ. ආර්. යනු යුග පුරුෂයෙකු බව අනුර කුමාරත් සනාථ කරාවිද?
ජේ. ආර්. ජයවර්ධන ලංකාවේ සමාජාර්ථික-දේශපාලනික සිතියම අලුතෙන් ඇන්දේය. ඒ, තීරණාත්මක තීන්දු දෙකක් ගැනීමෙනි. එකක්, විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දීමයි. දෙවැන්න, ලංකාවට විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දීමයි. මේ පරිවර්තන දෙකට වයස අවුරුදු පනහක් පිරීමට ඇත්තේ තව අවුරුදු තුනයි. එදාට ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් සිටිනු ඇත්තේ අනුර කුමාර දිසානායක ය. එනම්, ජේ. ආර්. ජයවර්ධනගේ සමාජාර්ථික-දේශපාලනික පරිවර්තනයේ අඩ සියවසක උරුමක්කාර රාජ්‍ය නායකයා …
Continue Reading
1971 අප්‍රේල් නැගිටීමට අදට පනස් හතර වසරක් (VIDEO)
1971 අප්‍රේල් නැඟිටීම දිග හැරුණේ සුවිශේෂී ඓතිහාසික සන්දර්භයක් තුළ. එම පසුබිම සමකාලීන ගෝලීය සහ ජාතික ගතිකත්වයන් සමඟ සසඳන විට සමානකම් වගේම බොහෝ වෙනස්කම්වලින් ද සමන්විත වුනා. ඒ කාලයේ අපේ දිගු කාලීන උත්සාහය වී තිබුනේ පක්ෂය ජනතාව වෙනුවට ආදේශ වී, ජනතාව වෙනුවෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම යි.
Continue Reading