Clean ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නාගානන්දය මිගමුවට

අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදී, Clean ශ්‍රී ලංකාව වැඩසටහනට සමගාමීව සහ “පිරිසිදු මනසක් – පිරිසිදු වෙරළක්” තේමාව යටතේ කැළණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය මඟින් සංවිධානය කරන ලද මුහුදු වෙරළ පවිත්‍රතා කිරීමේ වැඩසටහනක් පසුගියදා මීගමුව පෝරුතොට වෙරළ තීරයේදී පවත්වන ලදි.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයේ උපකුලපති පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ප්‍රමුඛ මහාසංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවති මෙම අවස්ථාවට අප විශ්ව විද්‍යාලයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට අමතරව බුද්ධ ශ්‍රාවිකා පිරිවෙනේ මෙහනින් වහන්සේලා සමඟ විදේශීය දූත පිරිසක් ද සහභාගී වූහ.

Leave A Comment