
Facabook ඔස්සේ මුදල් ගරන ජාවාරමක් උකුසු ඇසට
- CNL Reporter
- May 1, 2025
- පුවත්
- Facabook
- 0 Comments
සමාජ මාධ්‍ය හරහා විවිධ භාණ්ඩ අලෙවිකිරීම අද වනවිට ඉතා සුලබව සිදුවන්නකි.
සමාජ මාධ්‍ය ගිණුම් මඟින් බහුල වශයෙන් භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව නැඹුරු වෙන්නේ එහි ඇති පහසුව පිළිබඳ සලකා බලමිනි.
එහෙත්, ඇතැමුන් ෆේස්බුක් හරහා ක්‍රියාත්මක කරන ජාවාරම් හේතුවෙන් ජනතාව රැවටීමට ලක්වන අවස්ථාද බොහෝය.
එලෙස ජනතාව රවටමින් ෆේස්බුක් පිටුවක් ඔස්සේ සිදුකරන මූල්‍ය වංචාවක් පිළිබඳව අද දෙරණ උකුස්සාට තොරතුරු අනාවරණ වුණේ එම ජාවාරමට හසුවූ පුද්ගලයින් කිහිපදෙනෙකු මඟිනි.
වෙළෙඳපොළෙහි පවතින වටිනාකමට වඩා අඩු මිලකට ආරක්ෂණීය ගෘහ භාණ්ඩ අලෙවිකරන බව හුවාදක්වමින් මෙම ජාවාරම සිදුකෙරේ.
විවිධ ගෘහ භාණ්ඩ මිලදීගැනීමට මුදල් බැර කිරීමෙන් අනතුරුව අදාළ පාරිභෝගිකයාගේ දුරකතන අංකයට ජාවාරම්කරුවන් ප්‍රතිචාර නොදක්වන අතර ඇණවුම් කළ ගෘහ භාණ්ඩ ලබාදීමද සිදුකරන්නේ නැහැ.
මෙම ජාවාරමට මේ වනවිටත් සැලකියයුතු පිරිසක් හසුව තිබේ.
ඒ අනුව මෙම ජාවාරම තවදුරටත් ක්‍රියාත්මකද යන්න විමසාබැලීම සඳහා අප අදාළ ෆේස්බුක් පිටුවෙහි සඳහන් දුරකථන අංකයකට ඇමතුමක් ලබා ගත්තේය.
එම ඇමතුමෙන් අනතුරුව වට්ස්ඇප් මාර්ගයෙන් ගෘහ භාණ්ඩවල ඡායාරූප අපවෙත යොමුකරන්නටද ඔවුන් පියවර ගත්තේය.
ඒ අනුව තහවුරු වන්නේ පොලීසියට පවා පැමිණිලි කළද මෙම ජාවාරම තවදුරටත් ක්‍රියාත්මක බවය.
නීතියේ රැහැනට හසුකරගැනීම පවා අපහසු මෙවන් ජාවාරම්වලට හසු නොවී විමසිලිමත්ව ක්‍රියාකිරීම ඔබ සතු වගකීමක් බව උකුස්සා සිහිපත්කර සිටී.