IMF තෙවැනි සමාලෝචන සාකච්ඡා සාර්ථකයි
- 5opn1
- November 23, 2024
- දේශපාලන
- IMF තෙවැනි සමාලෝචන සාකච්ඡා සාර්ථකයි
- 0 Comments
ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 2.9 ක විස්තීර්ණ ණය පහසුකම ලබාදීමට එකඟව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි සමාලෝචන සාකච්ඡා ඊයේ (22) පස්වරුව වන විට සාර්ථකව අවසන් වී තිබේ. මේ දිනවල මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ඇතුළු නියෝජිතයන් සමඟ ශ්‍රී ලංකා ආණ්ඩුව නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රධාන කණ්ඩායම අතර සාකච්ඡා ඊයේ සවස ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සාකච්ඡා සම්බන්ධයෙන් අද (23) පෙරවරු 11.00 කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවතවමින් කරුණු දැක්වීමට නියමිතයි.
මෙම ණය පහසුකමේ වාරික දෙකක් මේ වනවිට මෙරටට ලැබී ඇත. තෙවැනි වාරිකය ලැබීම සම්බන්ධයෙන් වූ නිලධාරී මට්ටමේ සාකච්ඡා සාර්ථකව නිමාවීමත් සමඟ ඉදිරියේ දී තෙවැනි වාරිකය ද මෙරටට ලැබෙනු ඇතැයි මූල්‍ය වෙළෙඳපොළ තොරතුරු විශ්වාසය පළ කරයි.
DMN