IMF තෙවැනි සමා­ලෝ­චන සාකච්ඡා සාර්ථ­කයි

ශ්‍රී ලංකා­වට එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 2.9 ක විස්තී­ර්ණ ණය පහ­සු­කම ලබා­දී­මට එක­ඟව ඇති ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ තෙවැනි සමා­ලෝ­චන සාකච්ඡා ඊයේ (22) පස්ව­රුව වන­ විට සාර්ථ­කව අව­සන් වී තිබේ. මේ දින­වල මෙර­ටට පැමිණ සිටින ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා ඇතුළු නියෝ­ජි­ත­යන් සමඟ ශ්‍රී ලංකා ආණ්ඩුව නියෝ­ජ­නය කර­මින් ආර්ථික සංව­ර්­ධන නියෝජ්‍ය ඇමැති මහා­චාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රධාන කණ්ඩා­යම අතර සාකච්ඡා ඊයේ සවස ජනා­ධි­පති කාර්යා­ලයේ දී පැවැ­ත්විණි.

ඒ අනුව ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සාකච්ඡා සම්බ­න්ධ­යෙන් අද (23) පෙර­වරු 11.00 කොළඹ, ශ්‍රී ලංකා මහ බැංකු මූල­ස්ථා­නයේ දී විශේෂ මාධ්‍ය හමු­වක් පව­ත­ව­මින් කරුණු දැක්වී­මට නිය­මි­තයි.

මෙම ණය පහ­සු­කමේ වාරික දෙකක් මේ වන­විට මෙර­ටට ලැබී ඇත. තෙවැනි වාරි­කය ලැබීම සම්බ­න්ධ­යෙන් වූ නිල­ධාරී මට්ටමේ සාකච්ඡා සාර්ථ­කව නිමා­වී­මත් සමඟ ඉදි­රියේ දී තෙවැනි වාරි­කය ද මෙර­ටට ලැබෙනු ඇතැයි මූල්‍ය වෙළෙ­ඳ­පොළ තොර­තුරු විශ්වා­සය පළ කරයි.

DMN

Leave A Comment