Print making කලාවේ දැවැන්ත වැඩක්

FIRST IMPRESSION  : A Print Making Milestone in Sri Lanka

ලාංකේය Print making කලා මාධ්‍යයේ මං සළකුණක් සනිටුහන් කරමින් ප්‍රවිණ දෘශ්‍ය කලා ශිල්පී සුදත් අබේසේකර සහ ප්‍රවිණ දෘශ්‍ය කලා ශිල්පීණි අචලා ගුණවර්ධන සිත්තර යුවල ඉදිරිපත් කරන FIRST IMPRESSION  A Printmaking Milestone in Sri Lanka සිතුවම් දැක්ම කොළඹ 7,හෝර්ටන් පෙදෙස, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල දෘෂ්‍ය කලා පීඨයේ පිහිටි ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේ දී මාර්තු 21 වැනිදා ප.ව. 5 ට විවෘත කෙරේ. ප්‍රදර්ශනය මාර්තු 25 වැනිදා තෙක් පෙ.ව.9 සිට ප.ව.7 දක්වා  කලා රසිකයන් සඳහා විවෘතව පවතී.

සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ දී  සිසුහු Printmaking හදාරන්නේ වුවද එය විෂයයෙන් ඔබ්බට වෘත්තීයමය වශයෙන් වර්ධනය වූයේ නැති තරම්ය.සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දී මෙම විෂයය පිළිබඳ මූලිකව හදාරා තිබුණද මෑතදී චීනයේ දී ලද දැනුම හා ප්‍රායෝගික පුහුණුව සුදත් – අචලා යුවල වඩාත් ගැඹුරින් හා ප්‍රායෝගිකව ඊට යොමුවීමට බලපා තිබේ. Printmaking  සඳහාම විශේෂයෙන් උපයෝගී කරගන්නා වෘත්තීයමය මෙවලම් හා ආම්පන්න ( Tools) භාවිත කරමින් ද ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වතාවට Printmaking සඳහාම නිර්මාණය කළ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් ද මුද්‍රණය කළ සිතුවම් එකතුවක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත්ය.

එබැවින් මෙම සිතුවම් දැක්ම දෘශ්‍ය කලා ක්ෂේත්‍රයේ අනාගතය සම්බන්ධයෙන් සළකන විට වැඩදායක මෙන්ම ඵලදායී ප්‍රවේශයක් වනු ඇතිබව සුදත් අබේසේකර මහතාගේ අදහසය. සාර්ථක ලෙස මෙම අභියෝගය ජයගනිමින් විෂයය ක්ෂේත්‍රය සඳහා ඵලදායී දායකත්වයක් ලබා දීමට හැකිවීම පිළිබඳ නිරහංකාරව සතුටු වන බව පවසමින් සුදත් – අචලා සිත්තර යුවල ලාංකේය කලා රසිකයන්ට, ශිෂ්‍ය ප්‍රජාවට හා පොදුවේ මේ ගැන උනන්දුවක් දක්වන  සැමට විවෘතව ආරාධනා කරන්නේ FIRST IMPRESSION දකින්නට එක්වන ලෙසය.

වැඩිවිස්තර සඳහා 0763595511 සුදත් අමතන්න.

Tags:

Leave A Comment