SLCERT ආයතනයේ සභාපති තනතුර කාටද ?
- 5opn1
- December 12, 2024
- තොරතුරු තාක්ෂණය, පුවත්
- 0 Comments
අද රටක ආරක්ෂාව පිළිබද සැලකීමේදී සයිබර් ආරක්ෂාවට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. අද රටක බොහෝමයක් කටයුතු විශේෂයෙන්ම ජාත්‍යන්තරය සමග ගනුදෙනු බොහොමයක්ම සිදුවන්නේ සයිබර් අවකශය තුලය.
අපගේ රටේ ආර්ථික ක්‍රියාදාමයට සයිබර් ආර්ථිකය හෝ ඩිජිටල් ආර්ථිකය බද්ධ කිරීම හා රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණයට ලක් කිරීම තීව්ර කරන මොහොතක මෙම ඩිජිටල් හෝ සයිබර් ආරක්ෂාව අතිශය වැදගත් තැනක් ගනී. රටේ සයිබර් අවකාශය ආරක්ෂාකිරීමේ ජාතික වගකීම බාරව ඇත්තේ SLCERT ආයතනයටය. අනුර කුමාර දිසානයක මහතා ජනපති වූ විට එය බාර වූයේ අග්‍රාමාත්‍ය හා තාක්ෂණ අමාතවරිය වූයේ ආචාර්ය හරිනී අමරසුරියටය.
පසුව එම අමාත්‍යාංශයේ ලේකම්තුමිය විසින් එම ආයතනයේ සභපතිවරයාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලීමක් කල අතර නැවත දන්වනතුරු අධ්යක්ෂ මංඩල රැස්වීම නොපවත්වන ලෙසද දැනුම් දෙන ලදී. ඒ අනුව සභාපති ලෙස කටයුතු කල ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දිලන්ත විතානගේ එම තනතුරින් වහාම ඉල්ලා අස්විය.
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා ශ්‍රී ලංකාවේ පාසල් විෂයට තොරතුරු තාක්ෂණ සංන්නිවේදනය හදුන්වාදීමට 2000-2005 කාලය තුල අධ්‍යාපන අමාත්‍යාංශයේ එම විෂය භාර උපදේශක ලෙස නායකත්වය ලබා දුන් විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු වූ ඔහු මේ වනවිට මෙම තනතුරින් ඉවත්ව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍ය ලේකම්වරයා වෙත යොමුකරන ලදි. පසුව දිලන්ත විතනගේ මහතා විශේෂඥ දැනුම ලබාගැනීම සඳහා දකුණු අප්රිකානුවේ ආරාධනාවකට ඔහු මේ වන විට පිටත්ව ගොස් ඇත.
වත්මන් විෂය බාර අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික වශයෙන් වැදගත් මෙම ආයතනයේ ස්ථිර සභාපතිවරයෙක් හා අධ්යක්ෂ මණ්ඩලයක් පත් නොකිරීමෙන් එම ක්ෂේත්රයේ සේවය කරන විද්වතුන් විමතිය පල කර සිටී. ජනාධිපතිවරයා විසින් ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති අවස්ථාවක පළමුවෙන් කළ යුත්තේ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) ආයතනයට සුදුසු සභාපතිවරයකු හා අධ්යක්ෂ මණ්ඩලයක් පත් කිරීම බව එම විද්වතුන්ගේ මතයයි.
කෙසේ වෙතත් SLCERT ආයතනය සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ පෞද්ගලික ව්‍යාපාරයක් හිමිකරුවකු එම තනතුරු සඳහා පත්කිරීමට යන බව විවිධ ආරංචි මාර්ග පැවැසේ. මේ තුලින් මෙම ආයතනයේ ස්වාධීනත්වයට හානීවීමක් සිදුවීමක් පමණක් නොව “ලැදියාවන් අතර ගැටුම“ (Conflict of interest) පිළිබද ගැටලුවක් සිදුවන බව මෙම කර්මාන්තයේ යෙදී සිටින විද්වතුන් හා ව්‍යාපාරකයින්ගේ අදහසයි. මේ තුලින් ලංකාවේ සයිබර් ආරක්ෂාව දැඩි අවධානමකට ලක් වීමට නියමිත බව ඔවුන්ගේ අදහසයි.