යෝජිත අධ්‍යාපන සභාව ස්ථාපනය සඳහා ගුරු- විදුහල්පති වෘත්තීය සමිතිවල යෝජනා ලබා ගැනේ

වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තුල ප්‍රමුඛ කාර්‍යක් වන අධ්‍යාපන සභාව ස්ථාපනය කිරීමේ වැඩසටහනේ විශේෂ සාකච්ඡාවක් ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණ.

Continue Reading

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස් ඉල්ලා සිටිමින් හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය අගමැතිතුමියගෙන් ඉල්ලීමක් කරයි

ශ්‍රී ලාංකික විදේශගත වෘත්තිකයන්ගේ එකම ගෝලීය ජාලය වන හෙරිටේජ් එලායන්ස් ලංකා සංවිධානය විනිවිද පෙනෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඉතිහාසය මූලික විෂයයක් ලෙස රඳවා ගන්නා ලෙස රජයෙන් හා අගමැතිතුමියගේ ඉල්ලා සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

Continue Reading

SLIIT වංචාව 

යහපාලන ආණ්ඩු සමයේ සිදු වූ විශාලතම වංචාව ලෙස පොදුවේ සැලකෙන්නේ “මහ බැංකු බැඳුම්කර වංචාව” වුවත් ප්‍රමාණයෙන් පමණක් නොව ස්වරූපයෙන්ද ඊට වඩා අතිවිශාල වූත්, එසේම නිර්ලජ්ජිත වූත්, මහ දවාලේ සිදු වූ මංකොල්ලයක් තිබේ. එනම් ස්ලිට් ආයතනය සම්බන්ධයෙන් සිදුව ඇති වංචාවයි. අවාසනාවකට මේ සම්බන්ධ කිසිදු මහජන අවධානයක් ඇති බවක් නොපෙනෙන අතර මීට සම්බන්ධ චෞර වලල්ලක් විසින් මේ කාරණය මහජන සාකච්ඡාවට හෝ නීතිමය …

Continue Reading

සම සෞඛ්‍ය උපාධිධාරින්ට සෞඛ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලීමක්

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට එරෙහිව සිදුකල පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකීම සහ එම උපාධිධාරීන් කඩිනමින් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇත.

Continue Reading

ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාව – 2024 එළිදැක්වේ

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණයට කරනු ලබන සියලු ආයෝජන රටේ අනාගතය සඳහා සිදු කෙරෙන ආයෝජන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Continue Reading

ජනපති සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් (06) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Continue Reading

ශ්‍රී ලංකා පදනම් ආයතනය උසස් ජාතික ඩිප්ලෝමා සහ ජාතික ඩිප්ලෝමා සහතික ප්‍රදානය කෙරේ

වර්තමානයේ මෙරට වටිනාම සම්පත මානව සම්පත බැවින් එම මානව සම්පතෙ හි  ගුණාත්මකභාවය වැඩිදියුණූ කිරීමට සහ ප්‍රවර්ධනයට රජය ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Continue Reading

“කෘතවේදීත්වයේ සත්කාරය” දෙණියාය පල්ලේගම ද්විතීයික  පාසලේ (Photo)

තමන් අධ්‍යාපනය ලද පාසලේ වර්තමාන සිසු ගුරු සහ  සෙසු සේවක ප්‍රජාවටද තමන්ටත් ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් ජීවත්ව සිටින ගුරු මෑණි පියවරුන්ට වාර්ෂිකව තිළිණ ප්‍රසාද ලබාදීමේ පූජ්‍ය පාද පල්ලේගම විජිත ස්වාමින් වහන්සේ, දෙණියාය පල්ලේගම ද්විතීයික  පාසලේ ක්‍රියාත්මක කරන “කෘතවේදීත්වයේ සත්කාරය” වැඩසටහනේ  දහතුන්වන වාර්ෂික වැඩසටහන පසුගියදා (23) දින පල්ලේගම ද්විතීයික (ජාතික ) පාසලේ පැවැත් වුණි.

Continue Reading

කුමාරි දයානන්දගේ “පද්මරාගය” පාඨක දෝතට

පුවත්පත් තීරු ලිපි රචකාවියකද වන කුමාරි දයානන්දගේ පළමු නවකථාව “පද්මරාගය”  කෘතිය එළිදැක්වීම ජනවාරි 19 වැනි ඉරිදා කෑගල්ල අඹන්පිටිය ද ෆැක්ට්‍රි උත්සව ශාලාවේදී සිදු විය. ඒ ප්‍රවීණ පරිවර්තක හා ලේඛක චූලානන්ද සමරනායක, පී.බී ජයසේකර, ලේඛක අබේවංශ දේවප්‍රිය, රංගන ශිල්පී මැල්කම් මචාඩෝ ඇතුළු සාහිතකාමීන් පිරිසකගේ සහභාගිත්වයෙනි.

Continue Reading

මොරටුව වෛද්‍ය සිසුන්ට අවශ්‍යය සායනික පුහුණුව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කඩිනම් සැලසුම්

මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ මේ විට වර්ෂ හතරකට අදාළ වෛද්‍ය සිසුන් 400 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යයන කටයුතු වල නිරත වන  අතර එහි සිව්වන වසරේ අධ්‍යයන කටයුතු සිදුකරන වෛද්‍ය සිසුන් මේ වසර මැද භාගයේ දී අනිවාර්යෙන්ම මහාචාර්ය පුහුණුව සදහා  යොමුකල යුතු බව අනාවරණය වී ඇතත් ඒ සදහා මෙතෙක් නිශ්චිත සැළසුම් සම්පූර්ණ නොවීම ගැටළුවක්ව පැවතුණි.

Continue Reading