නැවත නැවතත් ඝාතනය වෙන අසරණ ලසන්ත – ගාමිණී වියන්ගොඩ

බලධාරීන් විසින් සිදු කරනු ලබන දේශපාලනික ඝාතන ඉඳුරා අනර්ථකාරී වන්නේ එකී ඝාතනයේ වින්දිතයාට පමණි. ඝාතකයෝ හැමදාමත් නිරුපද්‍රිත වෙති. විජය කුමාරණතුංග, රිචඩ් ද සොයිසා, ධර්මරත්නම් සිවරාම් (තාරකී), ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ වැනි බොහෝ දෙනා ඊට සාක්ෂි දරති. ප්‍රජාතන්ත්‍රවාදය සාරාර්ථයෙන් මුල් ඇද නැති රටක මෙවැනි පුද්ගලයන් ඔවුන්ගේ පුද්ගල පැවැත්මෙන් කායිකව ඉවත් කිරීම, පවතින බල පද්ධති ව්‍යුහය තුළ අනිවාර්ය කෙරෙන්නේය. ඒ තරමට, …

Continue Reading

නීතිපති තීන්දුව, වළංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයට එක දවසයි වගෙයි – වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය

පසුගිය කාලය තුළ උතුරේ, දකුණේ මෙන්ම නැගෙනහිරත් ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයන්ගේ ඝාතකයන් කඩිනමින් නීතිය හමුවට ගෙන ආ යුතුව තිබියදී, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට වත්මන් නීතිපතිවරයා විසින් සිදුකර ඇති නිර්දේශය වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය තරයේ හෙළා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.

Continue Reading

ලසන්ත ඝාතනය, නීතිපති ලිපිය දණ්ඩමුක්තිය නීත්‍යානුකූල කිරීමේ නින්දිත උත්සාහයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු ලෙස ඝාතනය කිරීම ඇතුළු අපරාධවලට යුක්තිය ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද සෙසු මාධ්‍ය සංවිධානද අනුස්මරණය කරන ලද කළු ජනවාරිය ගෙවී යන මොහොතේම ලසන්ත ඝාතන නඩුවට සම්බන්ධ බවට සැකකෙරෙන තැනැත්තන් තිදෙනෙකු නිදහස් කිරීමට හැකියාව ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන නොයන බවත් සඳහන් කරමින් නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් ලිපියක් නිකුත්වීම බරපතල සමාජ කම්පනයක් …

Continue Reading

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය  ක්ෂේත්‍රවල ඉදිරි ප්‍රගමනයට ඇමරිකානු සහාය

සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් (Julie J.Chung) මහත්මිය අතර හමුවක්  (21) දින පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශයේ දී සිදුවිය.

Continue Reading

වික්ටර් අයිවන් – සටන් සගය ඔබට සුබ ගමන් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සමාරම්භක සාමාජික මෙන්ම ලේකම්වරයෙක් හා කැඳවුම්කරුවෙකුද විය. ඔහු රාවය සඟරාව ආරම්භ කරමින් හා පසුව එය පුවත්පතක් බවට පරිවර්ථනය කරමින් ලාංකීය පුවත්පත් කලාවෙහි දැවැන්ත විපරිවර්ථනයක්ද විකල්ප මාධ්‍ය කලාවක්ද සටහන් කළ විසල් මිනිසෙකුගේ නික්ම යෑම සැළවීම අපගේ බලවත් සංවේගයට හේතුවකි.

Continue Reading

අපරාධවල වින්දිතයින් බවට පත් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනවා – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා සාකච්ඡාවේදී පවසයි

ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව පසුගිය කාලය තුළ සිදු වූ අපරාධවලට අදාළව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය යම් යම් හේතු නිසා මන්දගාමී සහ අකර්මන්‍ය තත්වයකට පත්ව ඇති බව පිළිගන්නා අතර නව රජය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු මාධ්‍ය සංවිධානවල ප්‍රධාන ඉල්ලීමක් වන අධිකරණ ක්‍රියාමාරග නැවත ආරම්භ කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

Continue Reading