විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි විමර්ෂණයට පොලිස් ඒකකයක්

කාර්යාංශයේ පනත සංශෝධනය කිරිමට හෝ අවශ්‍යනම් නව පනතකට ද ඉදිරි පියවර විදේශ රැකියා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සොයා බැලීම් සහ ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන ඒකකයක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ දි ඊයේ දින (2025.09.18)  දින ආරම්භ කෙරුණි. මෙම ඒකකය සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකයෙකුගෙන් සමන්විත පොලිස් නිලධාරීන් 16 දෙනෙකු අනුයුක්ත කොට තිබේ.

Continue Reading

විගමණික දූදරු ශිෂ්‍යත්ව ප්‍රදානයට අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය (15)

විදේශ රැකියාවෙහි නිරත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ දිනවල අයදුම්පත් කැඳවන අතර, එය සැප්තැම්බර් මස 15 දින අවසන් වීමට නියමිතය. 

Continue Reading

කොරියානූ භාෂාව ඉගෙන ගෙන ලෝකය ජයගන්න – මහාචාර්ය කිම් සුන්ග් ජින්

ඔබ කුමන රටක රැකියාවකට හෝ අධ්‍යාපනය ලැබීමට යන්නේ නම් එම රටේ භාෂාව හොඳින් ඔබ ඉගෙන ගෙන එම රටට යෑම ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කරන පළමු යතුර බව කොරියානු මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතා පවසයි. අද කොරියානු භාෂාව කියන්නේ ඔබට මුළු ලෝකෙටම ඇතුල් වෙන්න පුළුවන් භාෂා පාස්පෝට් එකක්.

Continue Reading

කොරියාට යන්න මෙන්න පාර – Prof Sung jin Kim

සල්ලි ගෙවලා කෙටි මාර්ගවලින් කොරියාවට යන්න උත්සාහ කරලා හෝ එවැනි කෙටි මාර්ගවලින් කොරියාවට ගිහින්  ඔබ කරදරවලට වැටෙන්න එපා යැයි කොරියානු මහචාර්ය  Sung jin Kim මහතා පවසයි.

Continue Reading

E-8 වීසාවලට  කැබිනට් අනුමැතිය

යෝන්ග්වොල් පළාත සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම කඩිනමින්… E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා සෘතුමය රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යොමුකිරීම වෙනුවෙන් දකුණු කොරියාවේ යොන්ග්වොල් පළාත් පාලන ආයතනය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

Continue Reading

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ජංගම සේවයක්

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  අශිකගා-තොචිගි හා අවට ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාවට සේවය සැපයීමේ අරමුණින්  අශිකගා ප්‍රදේශයේ සංවිධානය කළ ජංගම කොන්සියුලර් වැඩසටහන පසුගියදා (07) දින  ජපානයේ  ශ්‍රී ලංකා  තානාපති  මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Continue Reading

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිර වී සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදවා ගැනේ

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල බලෙන් රඳවාගෙන සිටි ඉතිරි ශ්‍රී ලාංකියන් 15 දෙනා (මෙතෙක් වාර්තා වූ) අද (06) දින මුදවාගනු ලැබුවා. ඒ තායිලන්ත රජය හා සම්බන්ධීකරණයෙන් මෙරට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හා තායිලන්තයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ මෙහෙයුමකිනි.

Continue Reading