තොරතුරු දැන ගැනීමේ කොමිසමේ අද තත්ත්වය

2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත හිටපු කතානායක කරු ජයසූරිය ඇතුළු දේශපාලන නායකයින්, සිවිල් සමාජය සහ මාධ්‍ය වෘත්තිකයින් ද ඇතුළු විවිධ පාර්ශ්ව විසින් වසර ගණනාවක් පුරා ගෙන ගිය දැඩි අරගලයක හා බලපෑම්වල ප්‍රතිඵලයකි. එකී පනතට 2016 අගෝස්තු මස 04 වැනි දින කතානායකවරයා එයට අත්සන් තැබීමත් සමග එය බලාත්මක විය.

Continue Reading

සෝභිත හාමුදුරුවෝ ආවේගයකින් කිව්ව “මහ හෙණය”  පැරදිවීමට හැකිවෙයිද? – මහාචාර්ය සරත් විජේසූරිය

අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ 83 වන ඡන්ම දින සැමරුම් උත්සවයේ දී මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැත් වූ කතාව ඇසුරිනි.

Continue Reading

ජේ. ආර්. යනු යුග පුරුෂයෙකු බව අනුර කුමාරත් සනාථ කරාවිද?             

ජේ. ආර්. ජයවර්ධන ලංකාවේ සමාජාර්ථික-දේශපාලනික සිතියම අලුතෙන් ඇන්දේය. ඒ, තීරණාත්මක තීන්දු දෙකක් ගැනීමෙනි. එකක්, විවෘත ආර්ථිකය ලංකාවට හඳුන්වා දීමයි. දෙවැන්න, ලංකාවට විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දීමයි. මේ පරිවර්තන දෙකට වයස අවුරුදු පනහක් පිරීමට ඇත්තේ තව අවුරුදු තුනයි. එදාට ලංකාවේ රාජ්‍ය නායකයා වශයෙන් සිටිනු ඇත්තේ අනුර කුමාර දිසානායක ය. එනම්, ජේ. ආර්. ජයවර්ධනගේ සමාජාර්ථික-දේශපාලනික පරිවර්තනයේ අඩ සියවසක උරුමක්කාර රාජ්‍ය නායකයා …

Continue Reading

ඩයස්පොරික සාහිත්‍යය සහ සංස්කෘතිමය බාධාවන් – ලයනල් බෝපගේ

ආයුබෝවන්, වනක්කම්, අස්සලාමු ආලෙයිකුම්; හැම දෙනාටම සුබ පැතුම්. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ පළමු ඕස්ට්‍රේලියානුවන්ගේ, මේ භූමියේ සම්ප්‍රදායික භාර කරුවන්ගේ, එනම්, කුලන් ජාතියට අයත් වුරුන්ජෙරි ජනයාගේ පාරම්පරික භූමි භාගයේ යි. අතීතයේ සිටි, වර්තමානයේ සිටින සහ ඉදිරියේ නැඟී එන ඔවුන්ගේ වැඩිහිටියන්ට සහ අනෙකුත් ජන ප‍්‍රජාවන්ගේ වැඩිහිටියන්ට අපි අපේ ගෞරවය පුද කර සිටිමු.

Continue Reading

රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින් කටයුතු කළහොත් ජනතාවගේ පැත්තේ සිටගෙන තීන්දු ගන්නවා – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බවත්, ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.

Continue Reading

සෞඛ්‍ය අමාත්‍යංශයේ වරදින් ස්ථාන මාරු අර්බූදයක – GMOA

මාතර දිස්ත්‍රික් මහ රෝහල සහ කඹුරුගමුව නව දිස්ත්‍රික් රෝහල අතර ස්ථානමාරුවීම් පිළිබද හදිසි අත්තනෝමතික තීරණ හේතුවෙන් ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ 2025 වාර්ෂික ස්ථානමාරු ක්‍රියාවලිය අර්බුදයකට ලක්වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

ලංකාවේ දක්ෂිණාංශිකයන්ට ට්‍රම්ප්ගෙන් ටියුෂන්

දක්ෂිණාංශය යනු මේ යැයි සිතමින් විවිධ මනෝ ලෝකවල සැරිසරන සියලු ප්‍රාඥයින්ට ඇත්ත දක්ෂිණාංශයක ලක්ෂණ මොනවාද යන්න තේරුම් ගැනීම සඳහාම පිළියෙළ කළ දේශපාලන විද්‍යාව පළමු වසර දේශන මාලාවක් මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වේ. පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති මහතාණන් කෙනෙකි. එතුමන්ගේ දක්ෂිණාංශය ටිකක් පමණට වඩා වැඩි බව ඇත්තය. ඒ නිසාම සමහරු එය අතිදක්ෂිණාංශයක් ලෙස හඳුනා ගනිති. කෙසේ වෙතත් ඕනෑම …

Continue Reading

ජාත්‍යන්තර දස්කම් දක්වන මලල ක්‍රීඩා සෞඛ්‍ය සේවිකා දර්ශනී චන්ද්‍රරත්නට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් සුභාශිංසන

පසුගිය 09 දින සිට 12 දින දක්වා (2025 ජනවාරි) ඉන්දියාවේ බැංගලෝර් නුවර පැවැති දකුණු ආසියානු ප්‍රවීණයින්ගේ මලල ක්‍රීඩා උළෙලට එක්වෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් පොළොන්නරුව රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායක තනතුරේ සේවය කරන දර්ශනී චන්ද්‍රරත්න ක්‍රීඩිකාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා‌ පසුගිය දා සුබපැතුම් එක් කරන ලදි.

Continue Reading

විදුලි ගාස්තු අඩු කිරීමේ තීරණය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරයි

විදුලි ගාස්තු සියයට 20කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගෙන ඇති තීරණය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

පූජ්‍ය බානගල උපතිස්ස නාහිමියන් මුණගැසීමට පැමිණි නව ජපන් තානාපති ශ්‍රී ලාංකික තරුණයින්ට ජපානයට පැමිණෙන්නයි ආරාධනා කරයි

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්ව බැඳීම අඛණ්ඩව  ඉදිරියට ගමන් කරන බවත්, එම බැඳීම ශක්තිමත් කරමින් ජපානයේ අධ්‍යාපනය ලැබීමට සහ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට පැමිණෙන ලෙස  ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ඉසොමතා අයිකෝ (Isomata Aiko) මහතා ආරධනා කරයි.

Continue Reading