පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් ලෙස හයිඩ්‍රජන් භාවිතය සඳහා ලබාදිය හැකි සියළුම ආකාරයේ සහයෝගය ලබාදමට රජය සූදානම් –  බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

රටේ බලශක්ති අරමුණු ජය ගැනීමේදී නව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙන්ම නවීන තාක්ෂණය හා ක්‍රමවේද උපරිම අයුරින් භාවිත කිරීම තම රජයේ ක්‍රියා පිළිවෙත බව අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසා සිටියේ අද (18) දින කොළඹදී පැවැත්වෙන “හයිඩ්‍රජන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වන පාර්ශවකරුවන්ගේ උපදේශන සමුළුවේ“ (Stakeholder Consultation on Draft Renewable Hydrogen Policy of Sri Lanka) ආරම්භක අවස්ථාව අමතමිනි.

Continue Reading

හම්බන්තොට ඉදිවන බැටරි ගබඩාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිරීක්ෂණයට

සූර්ය බලශක්ති ගබඩාකරණය සඳහා හම්බන්තොට ඉදිවන මෙගාවොට් 5/මෙගාවොට් පැය 10.7 බැටරි ගබඩාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ නිරීක්ෂණයට ලක්වේ.

Continue Reading

විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කෙරේ

විදුලිය බෙදා හැරීම කාර්යක්ෂම කිරීම, බිඳ වැටීම් අවම කිරීම හා පුනර්ජනනීය බලශක්තිය පද්ධතිය තුළට ලබා ගැනීම පහසු කිරීම ආදී බහුවිධ කාරණා ඉලක්ක කරමින් විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය නවීකරණය කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා උපදෙස් ලබාදුන්නේය. ඒ ජාතික සම්ප්‍රේෂණ හා බොදාහැරීම් ජාල සංවර්ධනය සහ කාර්යක්ෂමතා ප්‍රවර්ධන ව්‍යාපෘතිය (පැකේජ් 02 ග්‍රිඩ් උපපොල) යටතේ වැඩ අවසන් කර ඇති නව …

Continue Reading

ජාත්‍යන්තර විද්‍යාඥයෙක් හමුවෙන්න වත් අනුරට, හරිනිට වෙලාවක් නැද්ද? – සරෝජ් පතිරණ (වීඩියෝ)

ලංකාවට ඩොලර් එපාද? ආණ්ඩුවට පුනර්ජනනීය බලශක්තිය අරහංද?

Continue Reading

ශ්‍රී ලංකාවේ බලශක්ති ආයෝජන සඳහා ඉන්දියානු ආයෝජකයින්

ඉන්දියානු බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ ආයෝජකයින් ඇතුළු දූත කණ්ඩායමක් පසුගියදා බලශක්ති අමාත්‍යාංශයේදී අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවිය.

Continue Reading

විදුලිය කප්පාදුව නිමා කලා – විදුලිය පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර – බලශක්ති අමාත්‍යාංශය

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලය විසින් කටයුතු කර ඇති අතර, ඒ අනුව මෙතෙක් පැවැති විදුලි කප්පාදුව අවසන් වේ. එසේම එහි ඉතිරි ජනන යන්ත්‍ර දෙක ඉදිරි දින කිහිපය තුළ ක්‍රමයෙන් පද්ධතියට එක් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Continue Reading

විදුලිබල මණ්ඩලය හෝ එහි ආයතන විකුණන්නේ නෑ – විදුලිබල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

ඒවා ජාතික ස්වාධිපත්‍යයේ වැදගත් අංග ලෙස සළකා, රජයේ  හිමිකාරීත්ව යටතේ  තියාගන්නවා…

Continue Reading

සපුගස්කන්ද පිරිපහදුවේ නවීකරණ කටයුතු ගැන සාකච්ඡා

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නවීකරණ කටයුතු සැළසුම් කිරීම මෙන්ම, විශේෂ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කරන ලදී. ඒ බලශක්ති අමාත්‍යවරයා (28) දින පසුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිදුකළ අධීක්ෂණ චාරිකාවේදීය.

Continue Reading

විදුලිබිල සමස්තයක් හැටියට 20%කින් අඩුකරනවා – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් පමණ අඩු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බවත් ඒ අනුව ජනවාරි 17වන දින රාත්‍රි දොළහේ සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බවත් රටේ සියලු විදුලි පාරභෝගිකයන්ටත් සතුටින් දැනුම් දෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.

Continue Reading

බලශක්ති අරමුණු ජයගන්න ශ්‍රී ලංකාවට පූර්ණ සහය දෙනවා – කොරියානු තානාපතිනි

ශ්‍රි ලංකාවේ කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon LEE) මහත්මිය අද පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයාව අමාත්‍යංශ කාර්යාලයේදී හමුවූවාය.

Continue Reading