අගමැති කාර්යාලයේ හදිසි නිවේදනයට ලිතුවේනියානු කොන්සල් කාර්යාලයෙන් ප්‍රතිචාරයක්

සමාජ මාධ්‍යය භාවිතා කරමින් ලිතුවේනියාව මූලික කරගෙන ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන බව කියන වංචනික ක්‍රිප්ටෝ මුදල් ප්‍රචාරණයන් පිළිබඳව ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ දැඩි අවධානය යොමුව ඇත.

ක්‍රිප්ටෝ ඔන්ලයින් දැන්වීම් වලින් ප්‍රවේශම්වන්නැයි අගමැති කාර්යාලයෙන් ඊයේ හදිසි අනතුරු ඇඟවීමක් කර තිබිණ.

ලිතුවේනියාවේ සිට ක්‍රියාත්මක කරන මෙම වංචනික ගිණුම් මගින් සිදු කරන වංචනික දැන්වීම් සහ ප්‍රවර්ධනයන් මෙරට ෆේස්බුක් භාවිතා කරන්නන් ඉලක්ක කරමින් සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබෙන බවද අග්‍රාමාත්‍ය කාර්යාලය සිය නිවේදනයෙන් දන්වා තිබිණ.

ඒ සම්බන්ධයෙන් ලිතුවේනියානු නියෝජිතාගාරය විසින් නිකුත්කර ඇති නිවේදනයක මෙසේ සඳහන් වේ.

කොළඹ, ශ්‍රී ලංකාව – 2025 මාර්තු 12

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය සහ අනිකුත් ප්‍රකට මහජන චරිත කිහිපයක නම් වංචනික ක්‍රිප්ටෝමුදල් දැන්වීම්වල යොදාගන්නා බවට වාර්තා වී තිබේ. මෙම වංචනික ප්‍රචාරණයන් විදේශීය සංවිධාන විසින් ක්‍රියාත්මක කරනු ලබන බවට අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දක්වා ඇති අතර වන අතර, එමගින් ශ්‍රී ලංකා ජනතාව රවටා ගැනීමට එම වංචනික පිරිස් කටයුතු කරන බව ප්‍රකාශ කොට තිබේ.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, මෙම වංචනික දැන්වීම් ලිතුවේනියාවට සම්බන්ධ සමාජ ජාලා හා අන්තර් ජාල ගිණුම් හරහා පැතිර යන බව ද වාර්තා වී තිබේ. මෙය ජාත්‍යන්තර මට්ටමින් සිදුවන මූල්‍ය වංචනික ක්‍රියාවලියක් බවට පෙනී යයි.

ලිතුවේනියානු කොන්සල් කාර්යාලය ක්ෂණිකව ගෙන ඇති ක්‍රියා මාර්ග

මෙම සිදුවීම් වලට ක්ෂණික ප්‍රතිචාර ලෙස, ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලය පහත පියවර ගෙන ඇත:

1. අග්‍රාමාත්‍ය කාර්යාලය හා පළව ඇති පුවත් වාර්තා පදනම් කර ගෙන මූලික වාර්තාවක් ලිතුවේනියානු තානාපති කාර්යාලය වෙත යොමු කර ඇත.

2. සැබවින්ම ලිතුවේනියාවේ සිට මෙහෙයවන වංචනික කටයුත්තක් දැයි තහවුරු කිරීම පිණිස ලිතුවේනියානු රජය වෙත මෙම තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලෙස ලිතුවේනියානු තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින ලදි.

3. අග්‍රාමාත්‍ය ලේකම්තුමා හා විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් වෙත මේ පිළිබඳව කොන්සල් කාර්යාලයේ අවධානය යොමුව ඇති බව ලිඛිතව දැනුම් දී ඇති අතර අමතර තොරතුරු ඇත්නම් ඒවා බෙදා ගන්නා ලෙස ඉල්ලා සිටින ලදි. එමෙන්ම මේ සම්බන්ධයෙන් කරන විමර්ශනවලට සහාය දැක්වීමට ද ප්‍රසාදය පළ කරන ලදි.

4. ශ්‍රී ලංකා සහ ලිතුවේනියානු බලධාරීන් අතර තව තවත් ජාත්‍යන්තර සහයෝගීතාවය ඇතිකර, අනාගතයේ දී මෙවන් තාක්ෂණික වංචනික ක්‍රියා වළක්වා ගැනීම පිණිස ක්‍රියා කිරීම.

5. නිල වශයෙන් තහවුරු කර ගැනීම්වලින් පසු Meta (Facebook ආයතනය) වැනි සමාජ මාධ්‍ය හැසිරවීම්, නියාමන හා පරිපාලන මධ්‍යස්ථානවලට දැනුවත් කරන ලෙස ලිතුවේනියානු තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටින ලදි.

ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ අධ්‍යක්ෂකතුමා ගේ නිල නිල ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ අධ්‍යක්ෂ, කංචන කොඩිතුවක්කු ප්‍රකාශ කළේ, “ශ්‍රී ලංකා ජනතාව නොමග යවමින් ඔවුන් ගේ විශ්වාසය බිඳහෙලීමේ අරමුණින් සිදු කරන ඕනෑම වංචනික ක්‍රියාවක් ශ්‍රී ලංකාවේ නිර්වේතිත ලිතුවේනියානු කොන්සල්වරයා දැඩි ලෙස හෙලාදකින් දකින බවයි.

මෙම වංචනික ක්‍රිප්ටෝමුදල් දැන්වීම් පිළිබඳව මාධ්‍ය වාර්තා ලැබුණු විටම, අප විසින් මෙම වංචනික ක්‍රියාව ලිතුවේනියාවේ සිටින පිරිසක් විසින් මෙහෙය වන බව සඳහන් වූ බැවින් ලිතුවේනියානු තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් දැනුවත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා සහ ලිතුවේනියානු සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, මෙන්ම ලිතුවේනියානු රජය පාර්ශවයෙන් මෙම විමර්ශන සඳහා උපරිම සහයෝගය ලබා දීමට සැමවිටම අප සූදානම් අතර කිසිදු විටක ලිතුවේනියාව මෙවන් කූට හා වංචනික ක්‍රියාවන් අනුමත නොකරයි . එමෙන්ම මෙවන් සමාජ විරෝධී දූෂිත ඊට එරෙහිව ඉහලම නීතිමය කටයුතු කිරීමට සූදානම් බවත් නිවේදනය කරන්නෙමු. එමෙන්ම අන්තර්ජාල භාවිතය තාක්ෂණය දියුණු වන විට සමාජයට යහපත් මෙන්ම මෙවන් අයහපත් දේ ද නිර්මාණය වීමේ පරිසරයක් ඇති බැවින් ශ්‍රී ලංකාවේ මහජනතාවට ඒ පිළිබඳව වඩාත් දැනුවත් වී පරික්ෂාකාරීව සිටින ලෙස ඉල්ලා සිටින්නෙමු..”

වැඩි විස්තර සඳහා:
කංචන කොඩිතුවක්කු – [pr.consulate@supreme.lk]
සන්නිවේදන, කොන්සියුලර්, වාණිජ සහ දේශපාලන කටයුතු අධ්‍යක්ෂ
ලිතුවේනියානු නියෝජිතාගාරය – ශ්‍රී ලංකාව

theleader.lk

Leave A Comment