අවසර නැතිව ගස් 50 ක් කපන්න ගිය ලේකම්.

පසුගිය සතියේ බොහෝ සිංහල මාධ්‍යවල පළ වූ ප්‍රවෘත්තියක් වූ සීතල නුවරඑළියේ ගෝල්ෆ් සමාජය සතු ගෝල්ෆ් පිට්ටනියේ ඇති ගස් 50ක් පමන ඉවත් කිරීමට විරුද්ධව ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමය.

නුවරඑළියේ ගෝල්ෆ් පිට්ටනියේ සහ ගෝල්ෆ් සමාජයේ පාලනය ලේකම් ඇතුළු විධායක සභාවට අයත් වුවත් හෙක්ටයාර් 110ක පමණ නගර මද්දියෙ පිහිටි භූමියේ අයිතිය පවතින්නේ නුවරඑළිය නගර සභාව සතුවයි.

වසර සියයකට වඩා පැරණි ගෝල්ෆ් පිටිය නුවරඑළියේ තේ වගාවේ නියැලී සිටි බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ක්‍රීඩා කිරීමටත් සිය සමාජීය කටයුතු කිරීමටත් නිර්මාණය කරන ලද ඉතා රමණීය ප්‍රදේශයක විහිදී ඇති භූමිය නුවරඑළියට වස්තුවකි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති වූ අවධියේ මෙම ගෝල්ෆ් ක්‍රීඩාංගනය රජයට පවරා ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් වුවත් එතුමිය එම යෝජනාවට එකඟ වූයේ නැත.

නගර මධ්‍යයේ හෙක්ටයාර් එකසිය දහයක් මේ ආකාරයට කුඩා කණ්ඩායමක සැප විහරණය සඳහා වෙන්වීම නිසා නුවරඑළිය ප්‍රදේශවාසීන් සහ සංචාරකයන් වෙනුවෙන් යොදා ගැනීමට නොහැකි වීම ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ නොමද විවේචනයට ලක්වන්නකි.

ගෝල්ෆ් සමාජයේ ලේකම්වරයා විසින් ගන්නා ලද ඒක පුද්ගල තීරණයට නගරවාසීන් විරුද්ධ වූවා පමණක් නොව 119 හදිසි දුරකතන අංශයට වාර්තා කර තිබේ.

ක්‍රීඩකයන් මෙන්ම සහ පදිකයන්ගේ ජීවිතට යම් ගසක් අවහිර වන්නේ නම් හෝ ගස් දිරා ගොස් ඇත්නම් නිසි අවසරයක් ඇතිව එම ගස් ඉවත් කිරීමට හැකියාව තිබේ.

අනෙක් කාරණය වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය පාලන කාලය තුළදී අඩි 4500 ට ඉහළ කඳුකර භූමියේ ගස් කැපීම තහනම් කර ඇති නීතිමය තත්ත්වයක් තිබියදී මෙසේ වටිනා ගස් පනහක් කපා දැමීමට අනුමැතිය නොදුන් විට සේවකයන් යොදා ගස්වල අඩි දෙකක් පමණ ප්‍රමාණයක පොතු ඉවත් කර ඇත්තේ එම ගස්වලට ස්වාභාවික මරණයක් අත්කරදීම සඳහාය.
නුවරඑළිය ජනතාව අවධි කල මේ නොහොබිනා ක්‍රියාව වාර්තා වූයේ මෙසේය.

Leave A Comment