
අස්වැසුම අයදුම් කරන්න තවත් කාලයක් – අවසන් දිනය මෙන්න
- CNL Reporter
- November 28, 2024
- දේශපාලන
- අස්වැසුම අයදුම් කරන්න තවත් කාලයක් – අවසන් දිනය මෙන්න
- 0 Comments
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන කාල සීමාව 2024.12.09 දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙයි .
අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සඳහා 2024.11.25 දින සිට 2024.12.02 දක්වා සහන කාලයක් මීට පෙර ලබා දී තිබුණි.
මේ වන විට රට තුළ පවතින අයහපත් කාලගුණික තතත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස කාලය නැවත වරක් දීර්ඝ කිරීමට පියවර ගත් බව නිවේදනයේ සඳහන් වේ.