
අස්වැසුමෙන් අසාධාරණයට ලක්වූ පිරිස් ගැන සොයා බලන්න දස පුද්ගල විශේෂඥ කමිටුවක්…
- CNL Reporter
- November 3, 2024
- දේශපාලන
- අස්වැසුම
- 0 Comments
අස්වැසුම සමාජ සුබ සාධක ප්රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.
ඒ, විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මතයි.
එම තීරණය ගෙන ඇත්තේ, දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් කළ කරුණු විමසීමේදී පැවති ගැටලුකාරී තත්ත්වය හේතුවෙනි.
සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ, සමෘද්ධිලාභීන් ලෙස ප්රතිලාභ ලබමින් සිටි අස්වැසුම ප්රතිලාභ අහිමි වූ පුද්ගලයින් පිළිබඳව ඉන් සොයා බැලෙන බවයි.
AD