
ආදායම් බදු සහනයෙන් බිලියන 60ක් අහිමි වෙයි
- CNL Reporter
- April 20, 2025
- දේශපාලන, ව්‍යාපාරික පුවත්
- ආදායම් බදු
- 0 Comments
පුද්ගල ආදායම් බදු සහන ලබාදීම හේතුවෙන් ආසන්න වශයෙන් රුපියල් බිලියන 60ක ඇස්තමේන්තුගත ආදායමක් රජයට අහිමිවනු ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවේ සඳහන් වෙයි.
පුද්ගලයකු සඳහා වන පුද්ගල ආදායම් බදු සහනය වාර්ෂිකව රුපියල් දහඅටලක්ෂය දක්වා (1,800,000) ඉහළ නංවා ඇත. පුද්ගලයකුගේ බදු ගෙවිය යුතු ආදායමට අදාළ බදු අනුපාත 2025 වර්ෂයේ අප්‍රේල් මස 01 වැනිදින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර ඇත.
සියයට 06ක බදු ස්ථරය වාර්ෂිකව රුපියල් පන්ලක්ෂයේ සිට (500,000) සිට රුපියල් දශලක්ෂය (1,000,000) දක්වා පුළුල් කිරීමට ද නියමිතව ඇත.
ලලිත් චාමින්ද