ඇමැති විශ්‍රාම වැටුපත් අහෝසියි : රජයේ සැප වාහන 150ක් විකුණයි
- 5opn1
- November 29, 2024
- දේශපාලන
- ඇමැති විශ්‍රාම වැටුපත් අහෝසියි : රජයේ සැප වාහන 150ක් විකුණයි
- 0 Comments
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
දැනට අමාත්‍යාංශ සතුව පවතින අඩු ඉන්ධන දහනයක් සහිත අති සුඛෝපභෝගී වාහන 254ක් පමණ වෙන්දේසි කිරීමට රජය තීරණය කර ඇති බවත්, අමාත්‍ය මණ්ඩලයේ සහ රජයේ තක්සේරුකරුගේ සහතිකය ලබා ගැනීමෙන් පසු මෙම මෝටර් රථ වෙන්දේසි කිරීමට අපේක්ෂා කරන බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසිය.
මෙම සුඛෝපභෝගී මෝටර් රථ නඩත්තු කිරීම සදහා රජයට විශාල වැය බරක් දැරීමට සිදුව ඇති අතර මින් බොහොමයක් හිටපු මැති ඇමතිවරුන් විසින් භාවිත කර ඇති බව සදහන් වේ.
මේ අතර, තීරු බදු රහිත වාහන බලපත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම ද රජය විසින් අත්හිටුවා ඇත. මන්ත්‍රීවරුන්ට වී 8 සහ මොන්ටෙරෝ වැනි සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද රජය තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05 කින් පසුව ලබා දෙන විශ්‍රාම වැටුප ද අහෝසි කිරීමට ද තීරණය කර ඇත.
මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ කමිටුවක් පසුගියදා පත් කරනු ලැබීය. එම කමිටුවේ නිර්දේශය ද සැලකිල්ලට ගෙන මැති ඇමැතිවරුන්ගේ වරප්‍රසාද තීරණය කෙරෙනු ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේය.
මන්ත්‍රීවරුන්ට ගිනි අවි සහ ගිනි අවි පුහුණුව ?
මන්ත්‍රීවරුන්ට ගිනි අවි සහ ගිනි අවි පුහුණුව ලබාදීම මහජන නියෝජිතයන්ට නිවාස ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.
මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුව නිලධාරියකුගෙන් ඊයේ කළ විමසුමකදී ඔහු පැවැසුවේ රජයෙන් තවමත් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දීමක් කර නැති බවයි.
එතෙක් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නිවාස ඇතුළු අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බව ද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරුන් සඳහා පසුගියදා පැවැති වැඩමුළුවේ දී ඔවුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට නියමිතව තිබුණ ද එය සිදුව නැතැයි වාර්තා වෙයි.
(මුලාශ්‍ර: lankadeepa – hirunews)