
ඉන්දීය මහකොමසාරිස් හිටපු ජනාධිපති මහින්ද හමුවෙයි
- CNL Reporter
- April 23, 2025
- දේශපාලන
- ඉන්දීය මහකොමසාරිස්
- 0 Comments
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබේ.
ඊයේ (22) පස්වරුවේ විජේරාම නිල නිවසේදී මෙම හමුව පැවැත් විය.
එහිදී ඔවුන් සුහද පිළිසඳරක යෙදෙමින් දේශපාලනික හා පෞද්ගලික වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වෙයි.
සමීපතම අසල්වැසි රාජ්‍යන් ලෙසින් දෙරට අතර පවතින, අන්‍යෝන්‍ය අවබෝධය මත විවිධ ක්ෂේත්රයන් ඔස්සේ ගොඩනැගුණු ගැඹුරු මිත්‍රත්වය එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෞරවයෙන් සිහිපත් කර ඇත.