ඉන්දීය සංචාරය නිම කර ජනපති අනුර දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින ඉන්දීය සංචාරය නිමා කර ඊයේ (17) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

එතුමා සමග දූත පිරිස ලෙස සහභාගී වූ අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත , අමාත්‍ය විජිත හේරත් ඇතුළු ඇතුළු පිරිස ද එම ගුවන් යානයෙන්ම ආපසු පැමිණ තිබුණි .

ඔවුන් ඊයේ රාත්‍රී 10.00 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඉකුත් 12/15 දින සිය ඉන්දීය සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි .

DMn

 

Leave A Comment