
එක්සත් ජාතීන්ගේ පලස්තීන යෝජනාවට ශ්‍රී ලංකාව පිළිගනි
- Sujeewa Senerath
- September 15, 2025
- දේශපාලන, පුවත්
- 0 Comments
19 පලස්තීන ගැටලුව සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්‍රකාශනය අනුමත කරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාව ශ්‍රී ලංකාව පිළිගනී.
එම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් 142 අතර ශ්‍රී ලංකාව ද සිටී. මෙම වැදගත් මුලපිරීම සඳහා නායකත්වය දැරූ සෞදි අරාබිය සහ ප්‍රංශයට අපගේ අවංක කෘතඥතාව පළ කර සිටිමු.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්මවලට සහ එක්සත් ජාතීන්ගේ යෝජනාවන්ට අනුකූලව, රාජ්‍යත්වය සඳහා පලස්තීන ජනතාවට තිබෙන අහිමි කළ නොහැකි අයිතිය පිළිබඳව ශ්‍රී ලංකාව සිය අඛණ්ඩ සහයෝගය නැවත තහවුරු කරයි.