ඒකාබද්ධ සමුද්‍රීය බළකායට අණදීම ශ්‍රී ලංකා නාවික හමුදාවට
- 5opn1
- January 28, 2025
- පුවත්
- ඒකාබද්ධ සමුද්‍රීය බළකායට අණදීම ශ්‍රී ලංකා නාවික හමුදාවට
- 0 Comments
ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 154 වැනි කාර්යසාධක බළකායේ අණ භාරගැනීම, 2025 ජනවාරි මස 26වැනිදා බහරේන් රාජ්‍යයේ මැනමා නුවර පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බළකා මූලස්ථානයේදී සිදු කෙරිණි.
ඒ අනුව, මීට පෙර 154 වැනි කාර්යසාධක බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ඊජිප්තු නාවික හමුදාවේකොමදෝරු Haytham Khalil විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කොමදෝරු මංජුල හේවා බැට්ටගේ වෙත 154 වැනි කාර්යසාධක බළකායේ අණ භාරදීම සිදු විය.
එමෙන්ම ලොව විශාලතම බහු ජාතික සමුද්‍රීය සන්ධානය ලෙස සැලකෙන මෙම ඒකාබද්ධ සමුද්‍රීය බළකාය, සාගරයේ ජාත්‍යන්තර නීතිය ප්‍රචලිත කරමින් සමුද්‍රීය කලාපයන් ඔස්සේ පැනනගින පොදු සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීමත්, සාගරයේ ආරක්ෂාව, ස්ථාවරභාවය සහ සශ්‍රීකත්වය සුරකිමින් ලොව වැදගත් ජාත්‍යන්තර නෞකා ගමන්මාර්ග සඳහා ආරක්ෂාව ලබාදීමත් සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වයි.
රාජ්‍යයන් 46 ක නාවික හමුදාවන් සහ සමුද්‍රීය පාර්ශවකරුවන්ගෙන් සමන්විතව බහරේන් රාජ්‍යයේ මූලස්ථානය සහිතව; කලාපීය සහයෝගීතාවය, මුහුදේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ මුහුදු මංකොල්ලකෑම් මැඩ පැවැත්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ලොව විශාලතම සමුද්‍රීය සන්ධානය ලෙස සැලකෙන මෙම ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ 39 වන සාමාජිකයා ලෙස ශ්‍රී ලංකාව 2023 වර්ෂයේ නොවැම්බර් මාසයේදී සන්ධාන ගත විය.එලෙස සන්ධාන ගතවීමෙන් පසුව එම බළකායේ 154 වැනි කාර්යසාධක බළකායට අණදීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අවස්ථාව උදාවීම, නාවික හමුදාව වසර 74ක් පුරා පැමිණි දීර්ඝ ගමන්මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක්වනවා පමණක් නොව, මැදපෙරදිග කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා, සාමාජික නාවික හමුදාවන්ගේ මෙහෙයුම් හැකියාවන් වර්ධනය කිරීමේ පුහුණු කටයුතු පිළිබඳ, 154 වන කාර්යයසාධක බළකාය වෙත පැවරෙන වගකීම ඉටුකිරීමට අවස්ථාව උදාවීම මඟින්, ජාත්‍යන්තර මුහුද දක්වා පුළුල් සාගරික වපසරියක මෙහෙයුම් සිදුකල හැකි නාවික හමුදාවක් බවට, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ජාත්‍යන්තරයේ විශාල පිළිගැනීමක්හිමිවීමටත්, මව්බිමට විශාල කීර්තියක් අත්කර දීමටත් හේතුවනු ඇත.
154 වැනි කාර්යසාධක බළකාය මැද පෙරදිග කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් දායකවන, ඒකාබද්ධ සමුද්‍රීය බළකායේ අනෙකුත් පාර්ශවකරුවන් හට සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධව සිදුකරණු ලබන පුහුණුව තුළදී සමුද්‍රීය දැනුවත්භාවය, සමුද්‍රීය නීතිය, මුහුදේ අත්අඩංගුවට ගැනීම්, සමුද්‍රීය මුදාගැනීම් හා සහය ලබාදීම් සහ නායකත්ව සංවර්ධන යන පුළුල් ක්ෂේත්රයක් ආවරණය කරනු ලබයි. මූලික පුහුණුවේ සිට උසස් පුහුණුව දක්වා සිදු කෙරෙණ මෙම පුහුණු කටයුතු සඳහා කැනඩාව, ඊජිප්තුව, ජෝර්දානය, සීෂෙල්ස්, තුර්කිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රාජ්‍යයන් නියෝජනය කරමින් පුහුණු කාර්ය මණ්ඩලයක් සහභාගී වේ.