කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගයට
- 5opn1
- December 5, 2024
- ව්යාපාරික පුවත්
- කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගයට
- 0 Comments
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය ඊයේ (04) වාර්තා කර තිබිණි.
ඒ අනුව ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69කින් ඉහළ ගොස් ඒකක 13,511.73ක් ලෙසින් සටහන් වී තිබිණි.
එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 13,462.4 සීමාව ඉක්මවා යෑමක් බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.
2022 වසරේ ජනවාරි 19 වැනි දින එම අගය වාර්තා වී තිබුණු අතර රුපියල් බිලියන 5.21ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දින වාර්තා වී ඇත.
DN