කොටස් වෙළෙ­ඳ­පොළේ දැවැන්ත වර්ධ­න­යක්

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙ­ඳ­පොළ නව මාන­ය­කට රැගෙන යමින් කොටස් මිල දර්ශ­ක­වල දැවැන්ත වර්ධ­න­යක් වාර්තා කිරී­මට කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ (22) සමත් විය.

සිය දෛනික ගනු­දෙනු අව­සා­නයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,828.80 ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර දින­යට සාපේ­ක්ෂව ඒකක 231.64ක වර්ධ­න­යක් බව කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළ පව­සයි. එම අගය සිය­යට 1.40ක වර්ධ­න­යකි. මේ අතර S&P SL20 දර්ශක අගය ඒකක 5,147.62ක් ලෙස සට­හන් වූ අතර, එය පෙර දින­යට සාපේ­ක්ෂව ඒකක 100.17ක ඉහළ යෑමකි. එය සිය­යට 1.98ක වර්ධ­න­යක් බවද වෙළෙ­ඳ­පොළ ප්‍රාග්ධ­නී­ක­රණ වටි­නා­කම රුපි­යල් ට්‍රිලි­යන 10.6 දක්වා ඉහළ ගොස් ඇතැයි ද කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළ දත්ත පෙන්වා දෙයි.

 

Leave A Comment