කොළඹ බදුලු දුම්රිය ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට
- 5opn1
- January 9, 2025
- සංචාරක සහ චාරිකා
- කොළඹ බදුලු දුම්රිය ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට
- 0 Comments
ලොව පුරා සංචාරකයන්ට හොඳම ගමනාන්ත සම්බන්ධයෙන් මඟපෙන්වන සුප්‍රකට ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) මඟින් 2025 වසරේ ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට කොළඹ – බදුල්ල දුම්රිය ගමන එක් කර තිබේ.
දුම්රිය මාර්ගයේ අසමසම දර්ශනීය සුන්දරත්වය සහ එමඟින් සංචාරකයන්ට දෙන විශිෂ්ට සංස්කෘතික අත්දැකීම මත පදනම් වෙමින් Lonely Planet ආයතනය කොළඹ – බදුල්ල දුම්රිය ගමන මේ ලැයිස්තුවේ 17 වැනි ස්ථානයට ශ්‍රේණිගත කර ඇත.
අමතක නොවන වික්‍රමාන්විත, ඉහළ සංචාරක අත්දැකීම්, දර්ශනීය ගමනාන්ත, ආකර්ෂණීය ස්ථාන ලැයිස්තුවක් සෑම වසරකම ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) ආයතනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබේ. ඒ අනුව 2025 සඳහා ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) ආයතනය එවැනි දුම්රිය ගමන් 24ක් මෙවර ලැයිස්තුවෙන් හඳුන්වා දී තිබේ.
එම දුම්රිය ගමන් පිළිවෙළින් වියට්නාමය, අමෙරිකා එක්සත් ජනපදය, පේරු රාජ්‍යය, චීනය, නවසීලන්තය, නෝර්වේ, ටැන්සානියා සහ සැම්බියා, බ්‍රිතාන්‍ය, කෙන්යා, මොරොක්කෝව, කැනඩාව, ඊජිප්තුව, බ්‍රසීලය, ඉන්දියාව, ජපානය, තායිලන්තය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, එංගලන්තය, ප්‍රංශය, නවසීලන්තය, ස්ලෝවේනියාව සහ ඔස්ට්‍රේලියාව වේ.
කොළඹ සිට බදුල්ල දක්වා කිලෝමීටර 290කට වැඩි දුරක් විහිදෙන මෙම ගමන හරිත තේ වතු, මීදුමෙන් වැසී ගිය කඳු සහ මනරම් දියඇලිවල විස්මයජනක දසුන් සඳහා ප්‍රසිද්ධය.
ලෝකයේ වඩාත්ම දර්ශනීය දුම්රිය ගමනක් ලෙස බොහෝවිට විස්තර කෙරෙන මෙම සංචාරය සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ විවිධ භූ දර්ශන සහ පොහොසත් උරුමයන් ගවේෂණය කිරීමට සුවිශේෂ අවස්ථාවක් ලබාදෙයි.
කොළඹ – බදුල්ල දුම්රිය ගමන, බොහෝ විට සංචාරකයන් විසින් ඇල්ල ඔඩිසි (Ella Odyssey) ලෙස හඳුන්වනු ලබන අතර ඇල්ල, නානුඔය සහ හපුතලේ වැනි දුම්රිය ස්ථානවල ඇති සුවිශේෂ නැවතුම් සඳහා විශේෂයෙන් ජනප්‍රිය වේ.
මාර්ගය දිගේ සිටින ප්රජාවන්ගේ දේශීය චමත්කාරය සහ උණුසුම මඟින් අත්දැකීම තවත් වැඩිදියුණු කරයි.
මේ සියලු කරුණු පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ කොළඹ – බදුල්ල දුම්රිය ගමන මෙවර ලැයිස්තුවට ඇතුළත් කිරීමට Lonely Planet ආයතනය මඟින් පියවර ගෙන තිබේ.
DMN