ජන­ප­තිගේ චීන සංචා­ර­යෙන් ආර්ථික වාසි රැසක්

විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය

ශ්‍රී ලංකා – චීන ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කළ ජනා­ධි­පති අනුර කුමාර දිශා­නා­යක මහ­තාගේ චීන රාජ්‍ය සංචා­රය හේතු­වෙන් ආර්ථික වාසි රැසක් මෙර­ටට හිමිවූ බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පෙන්වා දෙයි.

දෙරට අතර දිගු­කා­ලීන සාම්ප්‍ර­දා­යික මිත්‍ර­ත්වයේ සහ ද්විපා­ර්ශ්වික සහ­යෝ­ගි­තාව හා හවු­ල්කා­රි­ත්වය තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීමේ වැද­ගත් සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කර­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ චීන මහ­ජන සමූ­හාණ්ඩු රාජ්‍ය සංචා­රය සාර්ථ­කව අව­සන් වූ බව ද එම අමා­ත්‍යාං­ශය පව­සයි.

චීන ජනා­ධි­පති ෂී ජින්පිං මහ­තාගේ ආරා­ධ­න­යෙන් ජනා­ධි­ප­ති­ව­රයා මෙම රාජ්‍ය සංචා­රයේ නිරත විය.

2025 ජන­වාරි 15 වැනි දින මහ­ජන මහා ශාලා­වේදී ජනා­ධි­පති ෂී ජින්පින් මහතා විසින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා පිළි­ගනු ලැබූ අතර එහි දී ඔහුට චාරි­ත්‍රා­නු­කූල ගෞරව හමුදා ආචාර සම්මාන මුර­යක්ද පිරි­නැ­මිණි. ආර්ථික හා වෙළෙඳ සංව­ර්ධ­නය, ආයෝ­ජන, සංචා­රක, ඩිජි­ටල් පරි­ව­ර්ත­නය සහ බහු­පා­ර්ශ්වික සංස­ද­වල සහ­යෝ­ගි­තාව ඇතුළු පුළුල් පරා­ස­යක ක්ෂේත්‍ර පිළි­බඳ ජනා­ධි­ප­ති­වරු දෙදෙනා සාකච්ඡා පැවැත්වූ අතර ස්වෛරී සමා­නා­ත්ම­තාව සහ සාම­කාමී සහ­ජී­ව­නය මත පද­නම් වූ ද්විපා­ර්ශ්වික සබ­ඳතා තව­දු­ර­ටත් තහ­වුරු කිරීම කෙරෙහි තමන් සතු කැප­වීම නාය­කයෝ දෙදෙ­නාම නැවත තහ­වුරු කළහ.

සාක­ච්ඡා­ව­ලින් අන­තු­රුව, ජනා­ධි­ප­ති­ව­රයා වෙනු­වෙන් ජනා­ධි­පති ෂී ජින්පින් මහතා විසින් රාජ්‍ය භෝජන සංග්‍ර­හ­යක් පව­ත්වන ලද අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචා­ර­යක නියැ­ළෙන ලෙස ජනා­ධි­පති දිසා­නා­යක මහතා විසින් චීන ජනා­ධි­ප­ති­ව­ර­යාට ඇර­යුම් කළේය. ශ්‍රී ලංකා ජනා­ධි­ප­ති­ව­රයා උණු­සුම් ලෙස පිළි­ගත් චීන අග­මැති ලී චියැං මහතා සංව­ර්ධන සහ­යෝ­ගි­තාව, වෙළ­ඳාම, ආයෝ­ජන සහ ආර්ථික සහ­යෝ­ගි­තාව ඇතුළු අන්‍යෝන්‍ය වශ­යෙන් වැද­ගත් කරුණු සාකච්ඡා කළේය. ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා චීන ජාතික මහ­ජන කොංග්‍ර­සයේ ස්ථාවර කමි­ටුවේ සභා­පති ජාඕ ලෙජි මහතා ද හමුවී සහ­යෝ­ගිතා ක්ෂේත්‍ර පිළි­බඳ වැඩි­දු­ර­ටත් සාකච්ඡා කළේය. රාජ්‍ය සංචා­රය අත­ර­තුර දී, දෙපා­ර්ශ්වය විසින් අව­බෝ­ධතා ගිවි­සුම් 15ක් හුව­මාරු කර ගන්නා ලද අතර ආර්ථික හා තාක්ෂ­ණික සහ­යෝ­ගි­තාව සඳහා චීන රජ­යෙන් ලැබුණු යුවාන් මිලි­යන 500ක ප්‍රදා­නය, ආයෝ­ජන සහ ආර්ථික සහ­යෝ­ගිතා ක්‍රියා­කාරී කණ්ඩා­ය­මක් පිහි­ටු­වීම, කෘෂි­කා­ර්මික නිෂ්පා­දන සඳහා චීන වෙළ­ඳ­පොළ ප්‍රවේ­ශය, මාධ්‍ය සහ සංචා­රක ප්‍රව­ර්ධ­නය පිළි­බඳ සහ­යෝ­ගි­තාව මෙම ගිවි­සුම් අතර වේ. අ‍ෙම­රි­කානු ඩොලර් බිලි­යන 3.7ක වටි­නා­ක­මින් යුතු අප­න­යන කේන්ද්‍රීය ඛනිජ තෙල් පිරි­ප­හ­දු­වක් හම්බ­න්තොට පිහි­ටු­වීම සඳහා සිනො­පෙක් සමා­ගම සමඟ ඒකා­බද්ධ ප්‍රකා­ශ­යක් ද අත්සන් කෙරිණි.

චීන රාජ්‍ය ව්‍යව­සා­යන් සහ සමා­ග­ම්වල ඉහළ පෙළේ නියෝ­ජි­ත­යින් සහ­භා­ගීවූ Òශ්‍රී ලංකාවේ ආයෝ­ජ­නය කරන්නÓ යන මැයෙන් යුත් වට­මේස සාක­ච්ඡා­වට ද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ­භාගි විය. ආයෝ­ජන සංස­දය ඇමතූ ජනා­ධි­ප­ති­ව­රයා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රති­පත්ති මෙහෙ­ය­වන පුළුල් දැක්ම ඉස්මතු කළ අතර ශ්‍රී ලංකාවේ ආයෝ­ජ­නය කිරී­මට ව්‍යාපා­රික ප්‍රජාව උන­න්දු­වක් දක්වන ප්‍රධාන ක්ෂේත්‍ර පිළි­බඳ සඳ­හන් කළේය. සංස­ද­යට සහ­භාගී වූ ප්‍රමුඛ පෙළේ චීන රාජ්‍ය ව්‍යව­සා­යක සමා­ගම්, නව ආයෝ­ජන ගෙන ඒම­ටත් ශ්‍රී ලංකාවේ පව­තින ආයෝ­ජන ව්‍යාපෘති පුළුල් කිරී­ම­ටත් තමන් දක්වන උන­න්දුව ප්‍රකාශ කළහ.

ජනා­ධි­ප­ති­ව­රයා මහ­ජන වීර­යන්ගේ ස්මාර­කය වෙත උප­හාර දැක්වූ අතර, ඉන් අන­තු­රුව සභා­පති මාඕ සේතුං මහ­තාගේ අනු­ස්ම­රණ ශාලා­වට ද ගියේය. නිරි­ත­දිග චීනයේ විශා­ල­තම නග­රය වන චෙන්ග්ඩුහි දී, දරි­ද්‍ර­තා­වය පිටු­දැ­කීම අර­මුණ කර­ගත් ආදර්ශ ගම්මා­න­යක් වන ෂාන් කී වෙත ගිය ජනා­ධි­ප­ති­ව­රයා, නිසි භාවි­ත­යන් පිළි­බඳ අද­හස් හුව­මාරු කර ගත්තේය. ජනා­ධි­ප­ති­ව­රයා චෙන්ග්ඩු ජාතික කෘෂි­කර්ම හා විද්‍යා මධ්‍ය­ස්ථා­න­ය­ටද ගිය අතර සිචු­වාන් පළාත් පක්ෂ ලේකම් වැන්ග් ෂියා­ඕ­හුයි මහතා ද හමු­විය.

විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවා­හන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නා­යක, මහ­ජන චීන සමූ­හා­ණ්ඩුවේ ශ්‍රී ලංකා තානා­පති මජින්ත ජය­සිංහ, විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ නැ‍ඟෙන­හිර ආසි­යානු අංශයේ අධ්‍යක්ෂ ජන­රාල් රුවන්ති දෙල්පි­ටිය මහත්ම මහ­ත්මීන් මෙන්ම විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ සහ බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රී­හුද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සමඟ මෙම චීන නිල සංචා­රය සඳහා සම්බන්ධ වූහ.

DMN

 

Leave A Comment