
ජනපතිගේ තෙදින චීන නිල සංචාරය ජනවාරි 14දා ඇරඹෙයි
- CNL Reporter
- January 8, 2025
- දේශපාලන
- ජනපතිගේ තෙදින චීන නිල සංචාරය ජනවාරි 14දා ඇරඹෙයි
- 0 Comments
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
චීන සංචාරය සඳහා විජිත හේරත්, බිමල් රත්නායක ඇමැතිවරුන් ද එක්වීමට නියමිත බව නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
නුවන් කොඩිකාර