තුන්වැනි සමාලෝචන කතාවට අයි.එම්.එෆ්. පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට – අයි.එම්.එෆ්. ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන්

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකමට අදාළ තුන්වැනි සමාලෝචනය පිළිබඳ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ (01) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කර ඇත.

නව රජය දිවුරුම් දීමෙන් පසු මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සමග ඵලදායී සාකච්ඡා පැවැත්වූ බව ද ඔහු කියා ඇත.

අදාළ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ කණ්ඩායමක් වොෂින්ටන් වෙත පැමිණ සිටි බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇති කැපවීම ශ්‍රී ලංකාවේ නව රජය යළි තහවුරු කර ඇති බව ද ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Leave A Comment