නාමල්ගේ නීති උපාධිය ගැන සී.අයි.ඩීයෙන් පරීක්ෂණයක්

නීති විද්‍යාලයේ පැවැති විභාගයකට පෙනී සිටියදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ඉදිරි දිනවලදී ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

නීති විද්‍යාලයේ මෙම විභාගය සඳහා නාමල් රාජපක්‍ෂ නීතිඥයන් දෙදෙනකුගේ සහාය ලබාගෙන පරිගණක සහ දුරකථන භාවිතා කරමින් පෙනී සිටි බවට චෝදනා එල්ල වී තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු පැමිණිලි කීපයකට අනුව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් කර ඇත.

ඒ අනුව නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම සිද්ධිය වාර්තා වූ කාලසීමාවේදී නීති විද්‍යාලයේ සිටි විදුහල්පතිවරයාගෙන් සහ එහි කාර්යමණ්ඩලයෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

හේමන්ත රන්දුණු

Leave A Comment