නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට

නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට ළඟාවී තිබේ.

අකුරැස්ස සහ පානඳුගම ප්‍රදේශවලින් මෙලෙස නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී තිබෙන බවට වාර්තා වේ.

ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

එසේම බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකය.

මේ අතර, බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත් වලටත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත් අද පස්රුවේ මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Leave A Comment