නීතියේ ආධිපත්‍යය රකින්න කැබිනට් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – ආසියානු මානව හිමිකම් කොමිසම ජනපතිගෙන් ඉල්ලයි
- 5opn1
- December 23, 2024
- දේශපාලන
- නීතියේ ආධිපත්‍යය රකින්න කැබිනට් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – ආසියානු මානව හිමිකම් කොමිසම ජනපතිගෙන් ඉල්ලයි
- 0 Comments
නීතියේ ආධිපත්‍යය සහ ගෞරවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මෙරට තුළ නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදු කිරීමේදී ක්ෂණික අවධානය යොමු කළයුතු වැදගත් ක්ෂේත්‍ර තුනක් සම්බන්ධයෙන් එමගින් කරුණු දක්වා තිබේ.
ඒ අනුව මහාධිකරණවල පවතින බරපතළ ගණයේ අපරාධ නඩු දෛනිකව විභාගයට ගැනීම, අල්ලස් හා දූෂණය පාලනය කිරීමට නීති හඳුන්වා දීම, නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම එම කරුණු අතරට අයත් වේ.
ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති හා වැඩසටහන් අධ්යක්ෂ බැසිල් ප්‍රනාන්දු මහතා විසින් ලිඛිතව මෙම ඉල්ලීම් කර තිබේ.