නුවරඑළියේ වගා හානී වූ 500කට වියලි සලාක බෙදාදීමක් (Photo)
පසුගිය දිනවල ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු වගා කරන ලද ගොවීන්ගේ තම වගාවන්ට සිදුවූ හානියත් සමග ඔවුන් ඉතා අසරණ තත්ත්වයකට පත්විය. විශේෂයෙන් කඳපොළ, මාගස්තොට හා ශාන්තිපුර ප්‍රදේශවල සුළු ගොවීන් මෙම අයහපත් කාලගුණයත් සමග ඔවුන්ගේ වගා බිම් සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.
මෙම තත්ත්වය හේතුවෙන් මහනුවර, බොක්කාවල, මොළගොඩ කොටමුදුන්ගල රාජමහා විහාරාධිකාරි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොරගස්වැවේ විජිත හිමියන්යන්ගෙන්, නුවරඑළිය සූර්ය පදනම කරන ලද ඉල්ලීමකට අනුව, මෙවන් හදිසි ආපදා අවස්ථාවන්වලදී විපතට පත්වන ජනතාවට නිරතුරු සහයෝගය සපයන හොංකොං ශාඛ්‍යමුනි සංස්කෘතික පදනමේ අධ්යක්ෂ ආචාර්ය ක්වොක් ශියු මින්ග් මැතිතුමා ඇතුළු දානපතියන් විසින් (Hon. Dr. Kwok Shiu Ming, The International Centre of Sakyamuni Cultural Limited) මැදිහත්වීමෙන් පසුගිය දෙසැම්බර් (27) දින වියලි ආහාර ලබාදීමේ වැඩසටහනක් දියත් කරන ලදි.
ඒ අනුව මොළගොඩ කොටමුදුන්ගල රාජමහා විහාරාධිකාරි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොරගස්වැවේ විජිත හිමියන්ගේ මැදිහත්වීම මත කඳපොළ, මාගස්තොට, ශාන්තිපුර වගා හානි වූ ගොවි පවුල් 500ක් සඳහා වියලි ආහාර මලු බෙදාදීමට කටයුතු සිදුකරන ලදි.
කඳපොළ ශ්‍රී ජිනෙන්ද්රාරාධිපති පූජ්‍ය දඹගොල්ලේ සෝමානන්ද ස්වාමින් වහන්සේ, මාගස්තොට ශ්‍රී ධර්මාරාමාධිපති, උඩුවෙල ධම්මදින්න ස්වාමින් වහන්සේ, ජාතික භික්ෂු පෙරමුණ මහනුවර දිස්ත්‍රික්ක සංවිධායක පූජ්‍ය මඩුගල්ලේ අභයධම්ම ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් කඳපොළ මහින්ද මහා විද්‍යාලයේ විදුහල්පතිනිය කේ. ඩී. පී. කුමාරි මහත්මිය, කඳපොළ පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු එහි නිලධාරින්, බොක්කාවල පොලිස්ස්ථානයේ මුතුබණ්ඩා මහතා, සූර්ය පදනමේ සේන සූරියප්පෙරුම මහත්වරුන් විසිනි.
මෙම වියලි ආහාර ද්‍රව්‍ය බොදාදීම නුවරඑළිය, කඳපොල, මහින්ද මහා විද්‍යාලයේදී හා මාගස්තොට ශ්‍රී ධර්‍මාරාමයේදී බෙදාදීම සිදුකරන ලදි.