
ප්‍රසන්නට-අනුරුද්ධට-චන්දනට ජනාධිපති මාධ්‍ය ඒකකයේ තනතුරු
- CNL Reporter
- February 25, 2025
- දේශපාලන
- ප්‍රසන්නට-අනුරුද්ධට-චන්දනට ජනාධිපති මාධ්‍ය ඒකකයේ තනතුරු
- 0 Comments
නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ප්‍රසන්න පෙරේරා මහතාද, ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතාද, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතාද පත් කර තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පිරිනැමීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සන්නිවේදන පශ්චාත් උපාධි ඩිප්ලෝමාවද ලබා ඇති ප්‍රසන්න පෙරේරා මහතා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදන පශ්චාත් උපාධිය ලබාගෙන ඇත. ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වන චන්දන සූරියබණ්ඩාර මහතා වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කර ඇත. මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් සහිත විශිෂ්ට සන්නිවේදකයකු ලෙසද ප්‍රේක්ෂක හදවත් දිනාගෙන තිබෙන ඔහු ලේඛකයකුද වෙයි.
දේශීය ජනමාධ්‍ය ඡායාරූපකරණයේ කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා ජාත්‍යන්තර රොයිටර් ප්‍රවෘත්ති සේවයේ දශක දෙකකට ආසන්න කාලයක් සේවය කරමින් ඩිජිටල් ඡායාරූපකරණය මෙරට පුවත්පත් කලාවට හඳුන්වා දුන්නේය. ඔහු ඡායාරූපකරණය සහ ඩිජිටල් ඡායාරූපකරණය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි.
උපාලි කරුණාරත්න