පාප්වහන්සේට අසාධ්‍ය බව වතිකානුව නිවේදනය කරයි

පසුගිය 14 වැනිදා දා රෝහල්ගත කළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව වතිකානුව නිවේදනය කරයි .
ශ්වසන ආසාදනයකින් පීඩා විඳින පාප් වහන්සේගේ මේවන විට සෞඛ්‍ය තත්ත්ව‍ය අයහපත් තත්ත්වයකින් පසුවන බවත් 88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සතියක් පුරා පැවති බ්‍රොන්කයිටීස් රෝගය උත්සන්න වීමෙන් මෙලෙස ශ්වසන ආසාදන තත්වයකට පත්ව ඇතැයි ද සදහන් කරයි.

පසුගිය 14 වැනිදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුලත් කරනු ලැබූ පාප් වහන්සේ තවදුරටත් ප්‍රතිකාර ලැබිය යුතු බවට වතිකානු නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන බව විදෙස් මාධ්‍ය පවසයි.

DVN

Leave A Comment