පාලන මිල ගැටලුවෙන් ඖෂධ ටෙන්ඩර් 100ක් හිරවෙලා
- 5opn1
- January 2, 2025
- දේශපාලන
- පාලන මිල ගැටලුවෙන් ඖෂධ ටෙන්ඩර් 100ක් හිරවෙලා
- 0 Comments
ඖෂධ ටෙන්ඩර් සියයකට ආසන්න ප්‍රමාණයක් පාලන මිල සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ප්රදානය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.
පෙරේදා (31දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී තිබේ. මෙම සාකච්ඡාවට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති භාසක විජේමුණි මහතාද, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහුද එක්ව සිටියහ.
මෙහිදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ ඖෂධ ගෙන්වීම සඳහා ටෙන්ඩර් ප්රදානය කිරීමට නොහැකිව ඊට අදාළ ලිපි ගොනු සියයක් පමණ සංස්ථාව තුළ සිරවී තිබෙන බවයි.
ඖෂධ පාලන මිල සම්බන්ධ මෙම ගැටලුව ගැන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් කියා ඇත්තේ ඖෂධ සමාගමක් විසින් ඖෂධ මිල සූත්‍රය සම්බන්ධයෙන් අධිකරණයේ ගොනුකර ඇති නඩුවක් හේතුවෙන් ඖෂධවලට පාලන මිලක් තීරණය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
සුජීව තත්සරඖෂධ ටෙන්ඩර් සියයකට ආසන්න ප්‍රමාණයක් පාලන මිල සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ප්රදානය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

සුජීව තත්සර