
බටලන්ද සහ පාස්කු ප්‍රහාරය එක දින ඇවිලේ
- CNL Reporter
- March 8, 2025
- දේශපාලන
- බටලන්ද සහ පාස්කු ප්‍රහාරය එක දින ඇවිලේ
- 0 Comments
රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමතිවරයා ලෙස සිටියදී බටලන්ද නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය වධකාගාර ප්රශ්නය සහ පාස්කු දින එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව යළිත් වරක් ජාත්‍යන්තරයේ අවධානය යොමු වී තිබේ.
මෙයට දින දෙකකට පෙර අල් ජසීරා රූපවාහිනියෙන් විකාශනය කළ Head to Head වැඩ සටහනේදී රනිල් වික්‍රමසිංහගෙන් අසන ලද ප්‍රමුඛතම ප්‍රශ්න දෙකක් වූයේ බටලන්ද වධකාගාරය සහ පාස්කු දින එල්ල කරන ලද ප්‍රහාරයයි. එහෙත් එම ප්‍රශ්නවලට කිසිදු පිළිගත හැකි පිළිතුරක් ලබා නොදී රනිල් වික්‍රමසිංහ ආවේශ වූ ආකාරය පිළිබඳ රට තුළ මෙන් ම ජාත්‍යන්තර අවධානය ද විවිධ අංශවලින් යොමු වී තිබේ.
lankatruth