
බීබීසී ඇසුරෙන් වම දකුණ ඉගෙන ගනිමු – අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
- Sujeewa Senerath
- July 21, 2025
- දේශපාලන, විශේෂාංග
- 0 Comments
අපේ ලංකාවේ ගොඩක් අය දේශපාලන බෙදුමක් වන වම – දකුණ යන්න හිතා ගන්න බැරි තරම් පටලවාගෙනයි ඉන්නේ කියන එකනේ මම මේ දවස්වල දිගින් දිගට කියමින් ඉන්නේ. නමුත් කොච්චර කිව්වත් ඒ ගොඩ දෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. ලංකාවේ දේශපාලනය ගැන අදහස් දක්වන ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ ලංකාවේ එජාප සහ සජබ වගේ පක්ෂ තමයි දකුණ කියන්නේ කියලා.
ඇත්තෙන්ම ඒවා වමටවත් දකුනටවත් අයිති නැති, හුදෙක් ප්‍රභූවාදී කණ්ඩායම් ටිකක් පමණයි සහ ඒවායේ දේශපාලන ප්‍රතිපත්තිය අතින් නම් ඒවා ඇත්තෙන්ම වාමාංශිකයි කියන දේ අපේ රටේ ගොඩක් දෙනාට හිතා ගන්නවත් බැහැ. ලංකාවේ දක්ෂිණාංශික ලක්ෂණ ප්‍රකට කරමින් ඉන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළින් බිහිව ඇති කණ්ඩායම් කිව්වම අපේ මේ විද්වතුන් “මොනවද මේ යකා මේ කියන්නේ?” වගේ අපි දිහා පුදුමයෙන් බලනවා.
නමුත් ඉතා පහසුවෙන් පෙනෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් විදේශ රටවල්වල යම් කාලයක් ඉන්න අය මේ මම කියන දෙය ඉතාමත්ම ලේසියෙන් තේරුම් ගන්නවා කියන එක. එයාල ගොඩක් වෙලාවට ඔය බරපතල දේශපාලන වචන දන්නෙත් නැහැ. දේශපාලන න්‍යායන්වල නම් හෝ දේශපාලන චින්තකයන්ගේ නම් කට පාඩම් කරගෙනත් නැහැ. නමුත් වම සහ දකුණ කියන්නේ මොකක්ද කියන එක ඉතා පහසුවෙන් තේරුම් ගන්නවා. මේකට හේතුව මොකක්ද? සරලවම කිව්වොත් ලංකාවේ අය දකුණ කියන එක හඳුනා ගන්නේ එජාප සහ සජබ දිහා බලලා “ඒ විදියේ එකක් තමයි දකුණ කියන්නේ” කියන පූර්ව නිගමනය මත. එජාප සහ සජබ කියන්නේ වම දකුණ කියන එකට කිසිසේත්ම අයිති නැති එක්තරා ආකාරයක දෘෂ්ටිවාදීමය සුවිශේෂයක් නැතිනම් විකෘතියක් කියන එක මෙයාලට තේරෙන්නේ නැහැ. නමුත් විදේශ රටල්වල ජීවත්වන අය වම දකුණ කියන එක හඳුනාගන්නේ ඒ රටවල එයාලට ප්‍රයෝගිකවම පේන්න තියන දේ මතයි. ඒ අනුව වම දකුණ සහ දෘෂ්ටිවාද ගැන ඉතාමත්ම විධිමත්ව, ශාස්ත්‍රීයව හදාරපු කෙනෙක් බුද්ධිමය වශයෙන් ගන්න නිගමනයම අර කට්ටියට නිරුත්සාහිකවම තමන්ගේ වට පිටාව ඇසුරින් ලැබෙනවා.
ඒ අනුව ලංකාවේ ප්‍රාඥයන්ට වම දකුණ ගැන ඉගැන්වීම සඳහා දැන් ඇත්තේ විකල්ප දෙකයි. එක්කෝ වම දකුණ ගැන ලියවිලා තියන සරලම පොතක් හෝ කියවන්න කියලා එයාලව පොළඹවන එක. නැතිනම් එයාලව අවුරුදු පහ හයකට පිටරටක පදිංචියට යවන එක. පොතක් කියවන්න පොළඹවනවාට වඩා මෙයාලව පිටරට යවන එක වඩා ලේසියි කියන එක තමයි දැනට මගේ නිගමනය.
කෙසේවෙතත් අද දින මා මෙසේ ඔබ ඉදිරියට පැමිණියේ පොතක් කියවන්න හිත හදාගන්න බැරිනම් අඩුම තරමින් බීබීසී ප්‍රවෘත්තියක්වත් කියවන ලෙසට ඔබෙන් ඉල්ලා සිටින්නයි. ජපානේ ඡන්දේ තිබුනනේ. ඒකෙන් ඒ රටේ මධ්‍ය-දක්ෂිණාංශික පක්ෂය ලෙස තිබෙන පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විශාල පසුබෑමකට ලක්වෙලා. එයාලගේ ඡන්ද ගොඩක් කඩා ගන්න ඊට වඩා දක්ෂිණාංශික ප්‍රතිපත්ති තියෙන Sanseito පක්ෂයට ගිහින්. දැන් අපි වම දකුණ තේරුම් ගැනීමේ අභ්‍යාසයක් වශයෙන් බීබීසී හි අද පලවී ඇති “Japan’s PM vows to stay on despite bruising election loss” නම් මාතෘකාව යටයේ ඇති ප්‍රවෘත්තියේ අපේ තේමාවට අදාළ කොටසක් කියවමු.
//// Jeffrey Hall, a lecturer in Japanese Studies at Kanda University of International Studies, told BBC News support for more right wing parties had cut into the LDP’s conservative support base.
“Prime Minister Ishiba is considered not conservative enough by many supporters of the former Prime Minister [Shinzo] Abe,” he said.
“They think that he just doesn’t have the nationalistic views on history, he doesn’t have the strong views against China that Abe had.” ///////
තවත් මදි වගේනම් අපිට තවත් ටිකක් කියවන්න පුළුවන්. මේ බලන්න.
///// Support for the ruling coalition appears to have been eroded by candidates from the small, right-leaning Sanseito party, which drew conservative votes with its “Japanese First”, anti-immigration rhetoric.
Sanseito first gained prominence on YouTube during the Covid-19 pandemic, spreading conspiracy theories about vaccinations and a cabal of global elites.
The fringe party’s nativist rhetoric widened its appeal ahead of Sunday’s vote, as policies regarding foreign residents and immigration became a focal point of many parties’ campaigns. ////////
දකුණ කියලා කියන්නේ දකුණු අතෙන් බත් කනවා කියන එකටවත්, බෙන්තර ගඟෙන් එහා පැත්තේ කියන එකටවත් නෙවෙයි දේශපාලන පක්ෂ පිහිටුමකට අදාළ වන පදනම් වටිනාකමක් හඟවන දෙයකට.
